IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ නාමිනී

(විමුක්ති එස් රුද්‍රිගු)

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නාමිනී විජේදාස මහත්මිය "2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව" සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ "2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාවන්" ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙල ලබන සතියේදී ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ජනාධිපති ආර්යා මෙලෙනියා ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නාමිනී විජේදාස මහත්මිය සම්මානය සඳහා නිර්දේශ කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ උපුටා ගැනීමේ සටහන්ව තිබුණේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති සම්මානලාභී මාධ්‍යවේදිනියක් වන නාමිනී විජේදාස මහත්මිය, ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ මිනිස් හානිය වාර්තා කරමින් සහ එහි ප්‍රතිවිපාකවලින් පීඩාවට පත්වූවන්ට හඬක් දෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ මාධ්‍යවේදිනියක් බවය.

කාලයාගේ ඇවෑමෙන්, ඇයගේ අවධානය විමර්ශනාත්මක වාර්තාකරණය හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමටත්, තීරණාත්මක වගවීමේ ගැටළු පෙරමුණට ගෙන ඒමටත් විජේදාස මහත්මිය කටයුතු කළ බව එම උපුටා ගැනීමේ දැක්වේ.

එසේම ඇය ඊළඟ පරම්පරාවේ මාධ්‍යවේදීන්ට ආදර්ශයක් බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපුටා ගැනීමේ සටහන් විණ.

තම මාධ්‍යකරණය තුළින් විජේදාස මහත්මිය නිරන්තරයෙන් වගවීම වෙනුවෙන් පෙනී සිට ඇති බවත් අර්ථවත් වෙනසක් සාක්ෂාත් කරගත හැක්කේ බලයේ සිටින අයගෙන් ජනතාව විනිවිදභාවය ඉල්ලා සිටින විට පමණක් බව ඇය පෙන්වාදී ඇති බවත් එම උපුටා ගැනීමේ දැක්වේ. මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට නීතිමය සීමාවන් තිබීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදින් පසුබසින විට විජේදාස මහත්මිය තවමත් නොසැලී සිටින බව එහි සඳහන් වේ.

 



අදහස් (5)

’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ නාමිනී

dds Sunday, 30 March 2025 04:25 PM

ඔබට සුභ පැතුම්! අන්තිම ඡේදයේ ජනතාව ඉල්ලන දේ සුපිරියි. මහජනතාව හා රාජ්‍යයේ ආරක්ෂාවට බලපාන අතිශය සංවේදී කරුණු හැර අනික් සියලුම රාජ්‍ය ගනුදෙනුවල පාරදෘෂ්‍යභාවය අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිය යුතුයි.

:       0       1

SL Sunday, 30 March 2025 05:44 PM

ඇමෙරිකාවට ඕනේ විඳිය ට ඉන්නවා නම් හොඳ ළමයෙක් ! යුක්රේනයේන් ඉගෙනගන්න

:       1       0

ගුණරත්න Sunday, 30 March 2025 05:54 PM

සිංහලෙන් කියවන අපි එතුමිය ගැන වැඩිය අසා නැහැ, එතුමියට සුබ පතනවා ලැබූ ජයග්‍රහණය ගැන.

:       0       0

කෞෂි Sunday, 30 March 2025 06:20 PM

ඔබට සුබ පතනවා! තව තවත් යුක්තිය වෙනුවෙන් ලියන්න ධෛර්යය ලැබෙන්න ඕන!

:       0       1

පැරකුම් Monday, 31 March 2025 06:47 AM

තම වගකීම් සහ කාර්යභාරය තවදුරටත් සාර්ත්ථකව කරගෙනයාමට ඔබට අපගේ සුබ පැතුම්…!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site