2020 ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම දැන් පටන්ම ආරම්භ කර ඇති බවත්, පාසැල් සිසුන් ලක්ෂ 43 න් 3,75,000 ක් පමණ සිසුන් මේ වසරේ පරීක්ෂාවට ලක් කර ඔවුන් අතරින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයක් පිහිටුවන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීවේය.
අකුරණ අස්හර් ජාතික පාසැලේ නව පැසිපන්දු ක්‍රීඩාංගණයට මුල්ගල් තබමින් ඇමැතිවරයා එසේ කීවේය.
දිවයිනේ සෑම ප්‍රදේශයකම පවතින ඒ ප්‍රදේශයට ආවේණික ක්‍රීඩාව නැංවීව සදහා ආධාර ලබා දෙන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් මේ වසර තුල ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. හැබැයි ටෝකියෝ යන කණ්ඩායමට ක්‍රීඩකයෝ විස්සක් විතරයි නිලධාරීන් හාරසීයක් විතරයි යවලා නම් පදක්කම් දින්නන්න අමාරු වෙයි. මොකද ෂොපින් යාම, රටතොට නැරඹීමට යාම වගේ ක්‍රීඩා ඉවෙන්ට්ස් වලට පදක්කම් දෙන්නේ නැහැනේ. (ර)
දේශපාලකයන්ගේ පක්ෂ වෑඩක් නෑහෑ රටට සේවයක් වෙන දේවල් වලට අපි ස්තුති වගේම බෙහෙවින් අගය කරනවා. (ර)