IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


2020 එල්.පී.එල් ක්‍රිකට් පාවාදීමට අධිකරණය දුන් නියෝගය

(රෝෂන් තුෂාර)

ලංකා ප්‍රීමියර් ලීග් එල්.පි.එල්. 2020 ක්‍රිකට් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ඉන්දීය ජාතික අසීස් හෙර්ළි සැකකරුට දෙසැම්බර් 25 දිනට පෙර ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  නොකීසී නිකුත් කළේය.

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හා අසීස් හෙර්ළි සැකකරුවන් කරමින් ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ විශේෂ ඒකකය ගොනුකළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණයේ පෙනී සිටියේය. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙනුවෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් විසින් එක ක්‍රීඩකයෙකුට ලක්ෂ 130 බැගින් ලබා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කොට ඇති බවය.

තරිදු රත්නායක, ධම්මික ප්‍රසාත් ක්‍රීඩකයින් දෙදෙනාට මෙසේ මුදල් ලබාදීමට යෝජනා කරඇති බවත්.

2019 අංක 24 දරණ ක්‍රීඩා පනත අනුව මෙය සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් බවත් සඳහන් කළේය .

සිද්ධිය සම්බන්ධයෙන් එක් විමර්ශනයක් අවසන් කර සචිත්‍ර සේනානායක සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කොට ඇතිබවත්,ඉදිරි විමර්ශනය තවදුරටත් සිදු කරන බැවින් දෙවැනි සැකකරුට පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පළමු සැකකරුට එරෙහි අධි චෝදනා නඩුව ලබන 27 දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව ද පැවසීය.

 



අදහස් (0)

2020 එල්.පී.එල් ක්‍රිකට් පාවාදීමට අධිකරණය දුන් නියෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site