(අංජුල මහික වීරරත්න)
2018 දී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලුම දෙනාට පත්වීම් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාවය පළ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේ දී හෙද පුහුණුව සඳහා 2518 ක සිසු පිරිසක් බඳවා ගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පැවති මූල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුණු නිසා මෙයින් 1000කට පමණක් පත්වීම් ලබා දීමට මහා භාණ්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබිණි.
හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ මවුපියන් ගේ ඉල්ලීම මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මත 2018 දී පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලු දෙනාටම පත්වීම් දීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බව රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
දැනට රටපුරා පිහිටි රෝහල්වල හෙද සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින අතර මීට අමතරව හෙද හෙදියන් විදේශගත වීම නිසා පුරප්පාඩු 1500ක් පමණ නිර්මාණය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2118 ගොඩක් කලින්නෙ
පිරිමි හෙදිය දැන් ලොක්කෙක් වෙලානේ චන්දයක් තියනවද ලඟදි
ඉට වැඩිය හොදයි යාග ක්‍රමය කියල දුන්නනම්.