ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිත පාසල් විෂය නිර්දේශයට ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව තවමත් අනුමැතිය ලබා දී නැතැයි එම පාලක සභාවේ හිටපු සාමාජික මහාචාර්ය ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලක මහතා පැවසීය.
පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු මේ වන තෙක් එම ආයතනයේ පාලක සභාව කැඳවා නැති බවත්, පාලක සභාවේ අනුමැතිය නැතිව විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යන බවට තොරතුරු ඇති බවත් ජයතිලක මහතා කීවේය.
ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් ඔහු ද , මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ඇතුළු පිරිස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය කොටුව ගුරු මැදුර ශාලාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී මහාචාර්ය ජයතිලක මහතා එසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමින් කොහොමින් හරි රටේ අධ්‍යාපනයටත් කණකොකා හඬයි වගේ (නි)
අර සභා මේ සභා, කමිටු, රැස්වීම් ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ට වැඩක් කරන්නනේ. වඩා වැදගත් වෙන්නේ මේ විෂය නිර්දේශයේ වැරදි තියෙනවද කියන එක. තම තමන්ගේ එදිරිවාදීකම් රටේ ප්‍රශ්න කරන්න හදනවා. (බ)