2015 ෆේෂියා මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස මෙවර තේරී පත්වුණේ මේ සුරූපිනියයි. ඇය නමින් තිලිණි තාරුකා අමරසූරියයි. නිරූපණ ක්‍ෂේත‍්‍රයට අමුත්තියක නොවන ඇය වඩා ප‍්‍රකටව සිටින්නේ සුන්දර මනාලිය, ලස්සන මනාලිය යන නම් වලිනි. නිරූපණ ක්‍ෂේත‍්‍රයේදී ඇය වැඩිපුර පෙනී සිටින්නේ සුන්දර මනාලියක ලෙස වීම ඊට හේතුවය.
දැන් මේ සුන්දර මනාලිය සූදානම් වන්නේ 2015 ශ්‍රී ලංකා රූ රැජින ලෙස මෙම ඔක්තෝබරයේදී චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගිවීමටය. ඒ සඳහා සූදානම් වෙමින් සිටින මොහොතක ඇය සඳැල්ල කතාබහකට එක්වුණේ මෙලෙසිනි.
‘තිලිණි’ ඔබ ගැන අප දන්නා දේට වඩා යමක් කිව්වොත්.
‘තිළිණි’ අහිංසකයි. බොරුවට අකමැතියි. අහිංසක වුණාට අහිංසක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුළුවනි. මට මගේ ගැන හිතෙන්නෙ එහෙමයි.
තවත් විස්තර කිව්වොත්?
ගම කිරිබත්ගොඩ. ඉගෙන ගත්තේ විහාරමහාදේවි බාලිකාවෙන්. ලග්නය වෘෂභ. වයස අවුරුදු 20යි. උස අඩි 5යි අඟල් 6යි. සාමාන්‍ය පෙළ සමත්වූ පසු පාසලේ අධ්‍යාපනයෙන් ඉවත් වුණේ, ෆැෂන් ඩිසයින් ගැන උපාධියකට පෙනී සිටීමටයි. නමුත් දැනට ඒ අදහස ප‍්‍රමාද වෙලා. ශ්‍රී ලංකා රූ රැජින වූ නිසා ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම දැන් තියෙන ලොකුම අරමුණයි.
රූ රැජිනක් වෙන්න හිතුවෙ ඇයි?
ඒක ඇත්තටම කුඩා කාලයේ ඉඳලාම මට තිබුණු සිහිනයක්. මේ සිහිනය සැබෑ කරගන්න මම එළඹුණේ 2013 දීයි. මෙම රූ රැජින තරගයේදීම එදා 6 වැනි ස්ථානය ලැබුණා. එතකොට වයස අවුරුදු 18යි. ඉන්පසු අවුරුද්දකට පසු නැවතත් මෙවර තරගයට ඉදිරිපත් වුණා
වතාවක් 6 වැනිදා වූ ඔබ මෙවර පළවැනියා වේවි කියලා හිතුවද?
පොඩි කාලයේ ඉඳලාම තිබුණු සිහිනයට මම ආදරය කළා. ඒ ආදරය නිසාම බලාපොරොත්තු අත්හැරියේ නැහැ. ඇත්තටම මෙවර තේරේවි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ. නමුත් අනෙක් තරගකාරියන් හැමෝම වගේ හරිම ලස්සනයි. ඒ නිසා පුංචි බයකුත් තිබුණා. මෙම තරගාවලියේදී මිනි පැජන්ට් තුනකදී ජයග‍්‍රහණ ලැබුවා. එවිට ආත්ම විශ්වාසය තවත් වැඩිවුණා.
කුඩා කාලයේදීම රූ රැජිනක වීමේ සිහිනය ඇතිවීමට හේතු වුණේ?
නිරූපණය හෝ විලාසිතා අංශය ගැන තමයි හිත තිබුණේ. රූ රැජින වීම ලොකුම සිහිනයක් වුණා.
ඒ කාලයේ ඉඳලාම ඔබ ලස්සනයි කියලා හැමෝම කියලා තිබුණාද?
එහෙම නැහැ. නමුත් පැහැදිලි නර්තන සහ පිහිනුම් ඉසව් වලදී දක්‍ෂතා පෙන්වුවා. ඒ නිසා පාසැලේදී පුංචි පහේ තරුවක් වී සිටියාය කිව්වොත් නිවැරදියි. පාසලෙන් ලැබුණු අත්වැල නිසා මගේ සිහිනයට යා හැකි වුණා.
2015 රූ රැජින ලෙස ඔබගෙ නම ප‍්‍රකාශ වුණාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?.
විස්තර කරන්න වචන නැති තරම්. හිතන්න කෙනෙකුට කුඩා කාලයේ ඉඳලාම තිබුණු සිහිනයක් ඉටුවුණාම ඇතිවන හැඟීම. තවම මට හැෙඟන්නෙ මම ඒ හීනය ඇතුලෙ ඉන්නවා වගෙයි. ඒක ඇත්තටම ජීවිතයේ ලොකුම කඩඉමක්.
දැන් ලෝක රූ රැජින තරගයට යන්නේ කවදද?
මෙම ඔක්තෝබරයේ අවසානයේ චීනයට යා යුතුයි. අවසාන තරගය තිබෙන්නෙ නොවැම්බර් 19 වැනිදායි.
මොන වගේ ස්ථානක් ඔබට ලැබේවිද?
රටවල් 128ක සුරූපිනියක් ඊට දායක වෙනවා. ඒක ලොකුම අවස්ථාවක්. මට මගේ රටට අඩු තරමින් අවසන් 20 දෙනා අතරටවත් එන්න ලැබුණොත් ඒක ලොකුම අභිමානයක් වේවි. මේ දක්වා ලෝක රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාවේ සුරූපිනියකට අවසන් 20 අතරට ඒමට ලැබුණේ නැහැ. මෙවර හෝ ඒ අවස්ථාව ලැබේවි කියා හිතනවා.
ඔබ ලස්සනයි කියලා කියනවට ආඩම්බරයිද?
ටිකක් ආඩම්බරයි. නමුත් ඒ නිසා කාටවත් රිදවීමක් ආඩම්බරතාවක් නොවෙයි.
ඔබ සුන්දර නිසා පිරිමි ළමුන්ගෙන් විවාහ යෝජනා එහෙම ලැබෙනවා ඇති නේද?
ඉල්ලීම් නම් බොහෝම තමයි නමුත් වැඩක් වෙන්නේ නැහැ.
හේතුව ?
විවාහ වන කෙනාට බහදීලා ඉවරයි. මෙම රූ රැුජින තරගයේදී විටෙක ආ අභියෝග හමුවේ මම පසු බෑ අවස්ථාවලදී මගේ අම්මා, තාත්තා, අයියා, සහ එයාත් ගොඩක් ශක්තියක් වුණා.
සුරූපී කාන්තාවන් අතරින් ඔබ දුටු සුන්දරම කාන්තාව කවුද?
ජැකලීන් ෆර්නැන්ඩස්.
ඇය මෙන් ඔබත්, රඟපෑමට ඒවිද?
ආරාධනා ලැබුණා නමුත් මම රඟපෑමට එන එකක් නැහැ. නිවේදනය සහ නිරූපණය පමණක් කරාවි.
කාන්තාවක් කොහොම විය යුතුය කියලද ඔබ හිතන්නෙ?
කාන්තාවකට තම හැසිරීම යහපත් විය යුතුමයි. ඒ වගේම ඇය බුද්ධිමත් විය යුතුයි. අභියෝගවලට නොසැලී මුහුණදීමට වාගේම ඕනෑම කෙනෙක් එක්ක සුහදව සිටීම වැදගත්. සංගීතා වීරරත්න මහත්මිය අන්න ඒ වගේ චරිතයක්. ඇය ඇත්තටම කාන්තාවකට වගේම විශේෂයෙන්ම තරුණියක් වන අපට හොඳ මාර්ගෝපදෙශිකාවක්. ඒ ගැන කියන්නම ඕනෑ.
විලිසිතා Nathaliz








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ලස්සන නම් ...උරේෂා රවිහාරිත් ලස්සනෛ.... හික්...හික්...හික්....(ම)
මෙහෙමද ජනතාව අතරට ගිහින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ? ආඩම්බරකම ශ්‍රී ලාංකික ප්‍රතිරූපය නෙමෙයි (නි)
ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ දශක තුනකටත් අධික කලක් වසන මා තරම් සුරුපිනියන් දකින කෙනෙක් තවත් නැතුව ඇති. නමුත් මා අනුලා කරුණාතිලක, පුන්‍යා හීන්දෙනිය සහ ස්වර්ණා කහවිට වැනි ලංකාවට ආවේනික වූ රුප සම්පත්තියක් ඇති මේ අයට වඩා රූමත් කෙනෙක් නම් දැක නැත. (ර)
හොඳ උසක් තිබෙනවා ඇයට (නි)
සුබ පැතුම්! (නි)
ලංකාවේ නම රඳවන්න ඇයට ලැබේවා! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
කවුරුන් මොනවා කිවුවත් ඔබගේ අධිෂ්ඨානය බලවත් නම් ජයග්‍රහණය ස්ථිරයි (නි)
මීට බොහෝ කලකට පෙර ලංකාවේ කෙනෙක් තුන්වෙනි තැන ලබාගත්තාලු. පුවත්පතක ඡායාරූපයක් අපේ අම්මාගේ මහ ගෙදර තිබිලා මට හමුවුණා. හරිම ලස්සන කාන්තාවක්. අඩුගානේ දැන් මේ තරඟයට සම්බන්ධ වෙන අයට ලංකාවේ ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබෙනවද? (නි)
අපේ අය නම් ඉතින් කොයිතරම් ලස්සන කෙනෙක් ගියත් අඩුවක් හොයන කට්ටියනේ (නි)
ඔබට අපේ රටේ නම බබළවන්න ලැබේවා! (නි)
නිල් පාට අක්ෂි කාච දමාගෙනද ලංකාව නියෝජනය කරන්න යන්නේ? අනේ මන්දා , මට නම් කිසිම ස්වාභාවික ලස්සනක් නැහැ. (නි)
අනෙක් රටවල තරුණියන් උසස් අධ්‍යාපනයක් ලබා යම් දැනුමක් ජිවිතයට එකතු කරගත් උසස් මට්ටමක තරඟකාරියන්. අපි යවන්නේ හමේ පාට විතරක් බලලා. එතන ගිහින් අනෙක් උදවිය සමඟ සාමාන්‍ය දැනීමක්වත් නැතුව හැසිරෙනකොට ඉබේම මුලික වටයෙන්ම හැළෙනවා (නි)
ගොඩක් ලස්සනයි රටේ නම බබලවන්න ඔබට හැකි වේවා (බ)
මට නම් ශ්‍රී ලාංකික පෙනුමක් නැහැ. අමුතු මවාගත් පෙනීමක් තිබෙන්නේ. අනේ මන්දා! (නි)
ස්වභාවික ලස්සන සහ මේකප්වලින් ලබා ගත් පෙනුමයි කියන්නේ දෙකක්. මෙයාට නම් තියෙන්නේ හරිම කෘතීම පෙනුමක්. හරියට අර ඉටි රුප තිබෙන කෞතුකාගාරයේ ඩමියක් වගේ .(රේ)
මට නම් මෙයාගේ අඩුවක් පෙනේනේ නැහැ , ඔය සමහර අය ඉල්ලනවවගේ ලංකවේ පෙනුම තියන චාම් අය ව යවන්න ඕනේ අවුරුදු කුමාරි තරග වලට මිස ,ජාත්‍යන්තර රු රැජින තරංග වලට නෙමයි (රේ)
ලොකුම අඩුව තමන් ගැන තිබෙන අධි තක්සේරුව. රෝසි, ජකලින් වගේ උදවියට මොනවා වුනත් ඔය ගතිය නම් පෙනුනේ නැහැ. වෙනිසුවේලාව වගේ ලතින් ඇමෙරිකානු රටවලින් එවන්නේ අඩි 6ත කිට්ටු තරුණියන්. පසුගිය තරඟ වල අපේ අයට උස ප්‍රශ්නයත් බලපාන්න ඇති. (අ)
මේවට යවන්න ඕන අඩු වශයෙන් උසස්පෙලවත් සමත් ලෝකයගැන සාමාන්‍ය දැනීමක් තිබෙන තරුණියන්. එහෙම නැතිව මුළු දවසම කන්නාඩිය ඉස්සරහ ඉන්න උදවිය නෙවෙයි. පෞරුෂත්වය මනින අවස්ථාවකදී ගොත ගහන්න වෙන්නේ යම් උසස් අධ්‍යාපනයක් හැදෑරීමක් නැතිව මේවාට යන උදවියට. (රේ)
ලංකාවට හොඳ රූප රාජිණියෝ ටිකක් ඉදිරියට අවශ්‍යවෙයි වගෙයි (නි)
මේ තරුණියට ලංකාවේ තරඟ ඉතිහාසය උගන්වලා පිටත් කලොත් හොඳයි. මිට කලින් ලෝක රු රැජින තරඟයේ තුන් වෙනි තැන ගත් කෙනා ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව එයාගේ වාසියට දොඩවනවා. ඒ කාන්තාව දැන් ඉන්නේ ඇමෙරිකාවේ. නම මොරින් හින්ගර්ට්. (රේ)
තමන් ගැන තිබෙන අධිතක්සේරුවේ විදියට එතන ගිහින් ලැබෙන තැන හිතා ගන්න පුළුවන්. මේ වගේ තරඟවල දී අනෙකුත් රටවල තරඟ කාරියන් අඩු ගානේ උස 5" 8 සිමාවේ ඉන්නේ. (ර)
සුබ පැතුම්! (නි)
ඉතින් අපි හැමදාම පරාද වෙන එක අහන්නත් දෙයක්ද?(ම)
දිනුවේ නැතත් හොඳ තරඟකාරියක් වීම වැදගත්.හැබැයි ඉතින් අක්ෂි කාච පලන්දාගෙන අයිශ්වර්යාගේ පෙනුම ගන්න උත්සාහ කළ පමණින් ඕක සිදුවෙන්නේ නැහැ. (බ)
ඇයගේ සිහිනය හා ලංකාවට දිනුමක් ලබාගැනීමට මාගේ හදවතින්ම සුබ පැතුම්! (නි)
මොකෙක්ද මේ (බ)
මාත් කියන්නේ ස්වභාවික ලස්සනින් ගියානම් තැනක් ලැබේවි (හේ)
මීට වඩා ලස්සන කෙල්ලෝ මොනතරම් ලංකාවේ ඉන්නවද? (ර)
අනේ මන්ද මෙයට වඩා හොද කෙල්ලෝ නම් ඕන තරම් ඉන්නවා (ම)
මේ තරගය විනිශ්චය කලේ අන්ධ විද්‍යාලයේ පිරිසක්ද......? (ස)
කොච්චර ලස්සන අය ලංකාවේ ඉන්නවද අනේ......... (නි)
ලංකාවේ විදිහට චාම් පෙනුමෙන් ඉදිරිපත් වුණොත් හොඳයි. ඔබට සුබ පැතුම්! (නි)
මට නම් ඇත්තටම කියන්න තරම් ලස්සනක් නැහැ (නි)
ලස්සන යනු සම පැහැපත්වීම පමණක් නොවේ (නි)
අනාගතයට හොඳ ඉල්ලුමක්.රටට ඉල්ලමක් (නි)
හිටපු රූ රැජිනක් වන රෝසි සේනානායක මහත්මියට තියෙන්නේ උත්පත්තියෙන් ලැබුන ස්වාභාවික බටහිර පෙනුමක්. සමහරු හිතනවා ඇති කෘතිමව බටහිර පෙනුම ගත්තාම දිනන්න පුළුවන් කියලා. (නි)
ඔබේ බලාපොරොත්තුව රටේ කීර්තියම වනු ඇත. ඔබට සුබ පැතුම් ..! තෙරුවන් සරණයි..!!! (නි)
ඔබට ජය! (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔබට අවංක සිතින් සුබ පතනවා (නි)
රූ රැජින තෝරන්නේ ලස්සන විතරක් බලලා නෙමෙයි. අපේ රටේ මිනිස්සු හැමදේම විවේචනය කරනවා. ඔබට සුබ පැතුම්! (නි)
දත් ටික ඉස්සරහට ඇවිත් ප්ලේට් එකක්වත් දාන්න වෙයි. (ර)