2015 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම සුවිසල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන් සලකුණු කළ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියයි.
ඇමෙරිකාවේ පළවන බොස්ටන් ග්ලෝබ් පුවත්පතට ලිපියක් ඉදිරිපත් කරමින් රාජ්‍ය ලේකම්වරයා මේ අදහස් දක්වා තිබේ.
ශ්‍රී ලංකාව ,නයිජීරියාව, බුරුමය , හා වෙනිසියුලාව වැනි රටවල් මෙම සුවිසල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන් ලැබූ රටවල් යැයි ජෝන් කෙරී මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් සඳහන් කර සිටියේ පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එහෙනම් ඔක්කොම හරිනේ (නි)
සමහර මෝඩ මිනිසුන්ගේ අදහස් දැක්කහම ලංකාව ගැන දුක හිතෙනවා. සුදුවෑන් ඇති මැදමුලන ඒකාධිපතිවාදයට වඩා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය දාහෙන් සම්පතයි. කලින් හිටපු අය චීනයට ඕනෑ විදිහට නටපු හැටි අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදයට අකමැති අය උතුරු කොරියාව වගේ රටවලට යන්න (නි)
තිලක් ඩුබායිගේ 'නිසොල්ලාසයේ' රාත්‍රී කීයක් තිබෙනවද? (නි)
ඒ ගොල්ලෝ අපිට හරි හොඳයි කිවුව නිසා දැන් ඉතින් ඉදිරිය මොනවා වුණත් කමක් නැහැ. සංවර්ධන වැඩපිළිවෙලවල් මොකුත් අවශ්‍ය නැහැ (නි)
මම මොකුත් කියන්නේ නැහැ මේ සම්බන්ධව (නි)
නාමල් සහ ඩුබායි තිලක් යනු ඇමරිකාවට ගැති දෙන්නෙක් වගෙයි (නි)
අපොයි ඔව්. පුදුමාකාර ජයක් ලබලා තියෙන්නේ (නි)
ලෝක පොලිස්කාරයට ඕනැ හැම රටක්ම ඔවුන්ගේ යටත් වැසියන් ගානට තියාගන්න. ඉරාකෙට,ලිබියාවට කළ හරිය මතකනේ? ටිබෙට් හාමුදුරුවෝත් කිව්වනේ "ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්ගේ" කියලා. (නි)
ඇමරිකාව ළං කරගත් සෑම රටක්ම විනාශ වුණා (නි)
ඇමරිකානුවා යනු, ක්‍රෙඩිට් කාඩ් එකෙන් අනාගතයත් කන මිනිහෙකි. චීනා යනු තවත් මින්සුන් හතර දෙනෙකුට කන්න හදන මිනිසෙකි. ඇමරිකාව පැත්තට ගියොත් වෙන දේ කියන්න ඕනේ නැහැනේ. හොදින් හිතාගන්න.(කෞ)
ලැබූ ජය කෙසේදයත් රුපියලේ අගය තුට්ටු දෙකට බැහැලා. (නි)
ඇමෙරිකාව ලංකාවේ පියා හෝ මව නොවෙයි. ඔවුන් කතා කරන්නේ තමන්ගේ පැත්තෙන්.කවදත් නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක් ඇතිවුණ රටවල් දියුණුවුණා. ඒකට අනෙක් රටවල සහයෝගයත් ලබාගත්තා. වීරයන් වටකරගෙන පුද්ගලවාදය කරපින්නාගත් රටවල් හැමදාම අඳුරේ. කැමැත්තක් කරන්න පුළුවන්. (නි)
නාමල්, ඔය කතාව ඔබ වැනිම නිවටයින්ට හොඳයි (නි)
අනේ ලොකු දෙයක් ලක්ෂිත - පැරිසිය (නි)
කරීෂ් හරියටම හරි. මට කියන්න ඕනෑම දෙය කියලා තියනවා (නි)
මෙය පවුල්වාදයද, නූතන අධිරාජ්‍යවාදයද නොව වෙනස තුළින් ඉදිරිවාදී දැක්මකි (නි)
උඹලා චරිත සහතික දුන්නු හැම රටකටම වෙච්ච විනාසේ අහස පොළොව උහුලන්නේ නැහැ (බ)
උඹලා ජය ලැබුවාට අප ලබා ඇත්තේ පරාජයකි.ලිබියාව විනාශ වුණා . ලංකාවට අපමණ අගයක් ලබමින් පවතිනවා.(ම)
ඒකාධිපතියකුට සහ පවුලකට බදු පිට බදු ගෙවමින් වහල්ලු වගේ ජිවත් වෙනවාට වඩා මිය යාම වටි. (ම)
හැම ජනතා ප්‍රශ්නයේදීම "පට පට ගාල "උන්ඩයෙන් පිළිතුරු දුන්නු යුගයත් "සුදු වැන්" වලින් උත්තර දුන්නු භීෂන යුගයත්/වහල් යුගයත් නිම කරලා අපි සැබෑ නිදහසක් ලැබුවා. (ම)
අපි සහ අපේ දරුවන් චීනයේ කොලනියක් වෙන්න ගිය රටක් නිදහස ලැබුණා.අපේ කොඩියක් ඔසවන්නත් චීනයෙන් අවසර ගන්න වුණ යුගයක් පසු කළා (ම)
නියම වෙලාවට මුදල් ටික ලෝකයේ තිබෙන බැංකු ගිණුම් වලට වැටෙනවානම් ලංකාව සහ බත් කන හරක් ටික චීනයට විකුණ ගෙන කාපු යුගයක් අපි පසු කළා .ඒ අමිහිරි අතීතය මතක් කරන්නත් දුකයි. (ම)
ලෝකයේ බැංකු වල තිබෙන ශ්‍රී ලාංකික ධනස්කන්දය ගැන කරන පරීක්ෂණ ඉක්මන් කරන්න. එතකොට බලාගන්න පුළුවන් සමහර දේශප්‍රේමියෝ අපේ රටට කරතිබෙන විනාශයේ තරම. (නි)
තිලක්-ඩුබායි, ඔබ ඩුබායිවල සිට ඇතිකරගත් මතවාද මත ජීවත් වී එහිම මියයන්න. යුද්ධයෙන් විනාශවුණු රටත්, ආශ්චර්යමත් සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටි රටත්, වර්තමානයේ යළි පිඩිත වූ රටත් මේ සියල්ල අපි අත්විඳිමින් මෙහි සිටිමු. (නි)
නාමල් ඔබ අනුන්ට මෝඩයන් යයි කීමට පෙර, ලෝකයේ දැනට ඇතිවී තිබෙන තත්වය සොයා බලන්න. වියට්නාමය, ඉරාකය , ලිබියාව, ඇෆ්ගනිස්ථානය, සිරියාව වැනි රටවලට සිදුවූ දේවල් සොයන්න. ජපානය යටත් වීමට සුදානම් වී සිටියදී ඇමෙරිකාව කළ දෙවල් ගැන සොයා බලන්න.ඇමෙරිකන් දේශපාලකයන්ගේ යටි අරමුණු ගැන නිදහස් මනසකින් ගවේෂණය කර ඇත්ත මෝඩයා කවුදැයි ඔබම තීරණය කරන්න. (බ)
තිලක්-ඩුබායි යනු ඇමරිකාවට ආවඩන්නෙකු බව පැහැදිලිව පෙනේ (නි)
ඒ කෙසේවුවත් අප වසන මේ දුපතේ තවත් අභියෝග බොහෝය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය. ස්ථාවර බලය බෙදීමක් තුළ ජනවාර්ගික ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් අවශ්‍යය. සැමට සමානව සළකන, මානව ගරුත්වය හා අභිමානය සුරකින සමාජ ක‍්‍රමයක් නිර්මාණය කරගැනීම අවශ්‍යය. නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය යළි පිහිටුවීම අවශ්‍යය. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ශිෂ්ටසම්පන්න රටක් බව යළි ලෝකයට ඔප්පු කිරීම අවශ්‍යය. ඒ වගේම බමුණු ආරච්චි වැනි වහලුන්ගේ ඔලුව සෝදා පිරිසුදු කිරීමද අත්‍යවශ්‍යය (නි)
ඕක එයාලගේ ජයග‍්‍රහණයක් වුණාට අපේ පරාජයක්. (නි)
ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය යනු උන්ට නැටවිය හැකි පාලකයන් ඒ ඒ රටවලට පත්කරගැනීමයි. 2015 උඹලා ජය ලැබුවාට අප ලබා ඇත්තේ පරාජයකි. (කෞ)
උන්ට නැටවිය හැකි නම් එ්ක තමා ප්‍රජාතන්ත්‍රවාදය (බ)
උඹල නූල අදිනවා,රූකඩ ටික ගානට නටනවා,අපි බලාගෙන ඉන්නවා. (බ)
දැන් රූකඩ තියෙන්නේ අම්බලන්ගොඩ නෙමේ දියවන්නාවේ බව මෙතුමා දන්නවා. (කෞ)
සමහර ප්‍රතිචාර වලට කියන්න තියෙන්නේ එකම දෙයයි. චිනයෙයි ඇමරිකාවෙයි වෙනස මේකයි. ඇමරිකාව බිලියන ගණන් ණය ගන්නේ, තමන්ගේ දේපල විකුණන්නේ චීනෙට. චිනේ හදන ලාබ බඩු ඇමරිකාවට යැව්වේ නැත්නම්, සාමාන්‍ය ඇමරිකන්කාරයා බඩගින්නේ. (නි)
ඉරාකය, ලිබියාව දැන් හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය විඳිනවා. අපිටත් ඉදිරියට එය විඳින්න පුලුවන් වේවි. (නි)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා හඳුන්වන්නේ මොනවගේ රටවල්ද කියලා අපි දන්නවා. (නි)
පසුගිය ජනාධිපතිවරණයේදී අත්දුටු සැබෑව මෙයයි. ඒ බළලා තමයි මේ මල්ලෙන් එළියට එන්නේ. (නි)