IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


2014 පාසල් රග්බි තරග පැවැත්වීම ඒකාබද්ධ කමිටුවක අධීක්‍ෂණයෙන්

මෙවර අන්තර් පාසල් රග්බි තරගවායේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් රග්බි ක‍්‍රීඩාවට ඇතිවිය හැකි හානිකර තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන වසරේ (2014) සිට ඒකාබද්ධ කළමණාකරණ කමිටුවක අධීක්‍ෂණයෙන් පාසල් රග්බි තරගාවලිය පැවැත්වීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වී තිබේ.

එහිදී දැඩි විනයක් පවත්වා ගනිමින් තරග සංවිධායකයන්ගේ සහ පේ‍්‍රක්‍ෂකයන්ගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි කටයුතු කිරීමටත් එසේ නොවන අවස්ථාවලදී ජාත්‍යන්තර රග්බි නීති රීතිවලට අනුව දැඩි විනය පියවර ගැනීමටත් නියමිතය.

මෙවර පාසල් රග්බි තරග අතරතුරදී විනය විරෝධි ලෙස හැසිරුණේ යැයි කියන නිලධාරීන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති රීති අනුව පරීක්‍ෂණ පවත්වා විනය පියවර ගැනීමටත් විනිසුරුවන්ගේ තීන්දු වඩාත් ගුණාත්මක ඒවා බවට පත්කිරීමටත් ජාතික රග්බි සංගමයේ සහ විනිසුරු සංගමයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

පාසල් රග්බි තරග සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු බවටත් ශ්‍රී ලංකා රග්බි සංගමය සහ පාසල් රග්බි සංගමය එකම අරමුණක සිට ක‍්‍රියාත්මක විය යුතු බවටත් ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා උපදෙස් දී තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ඉකුත්දා පැවැති මෙම විශේෂ සාකාච්ඡුාවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න, හිටපු ජාත්‍යන්තර රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු සහ රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති  ඕවිල් ප‍්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.



අදහස් (0)

2014 පාසල් රග්බි තරග පැවැත්වීම ඒකාබද්ධ කමිටුවක අධීක්‍ෂණයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site