IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


2011 වසරේ ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීම

‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2011’ ප‍්‍රදානයේ  වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා සම්මානය සඳහා  ක‍්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නිරතව සිටිති. හිටපු නායක කුමාර් සංගක්කාර,     නායක තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් එම ක‍්‍රීඩකයෝ වෙති. පාඨක කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) අනුව වසරේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා තෝරා ගනු ලබන අතර ඉකුත් 14 වැනිදා වන විට කෙටි පණිවුඩ සහ අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබු මනාප සංඛ්‍යාව 10,000 කට ආසන්න බවද සංවිධායක කමිටුව ප‍්‍රකාශ කරයි. ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන් 100 දෙනකු අතරින් ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීම සඳහා මේ මස 25 වැනිදා දක්වා ජනතාවට කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ මනාප යොමු කළ හැකිය. ඡන්ද විමසීම පසුගිය මස 22 වැනිදා ආරම්භ විය. අදාළ කී‍්‍රඩකයන් 100 දෙනාගේ තොරතුරු www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. සියැට් (ceat ..... ) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර  ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට යොමු කිරීමෙන් තමන් ප‍්‍රිය කරන කී‍්‍රඩකයාට මනාපය පළ කළ හැකිවේ. අන්තර්ජාලය ඔස්සේ www.ceatsrilankacricketawards යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද මනාප පළ කිරීමේ අවස්ථාව කී‍්‍රඩා ලෝලීන්ට හිමිව තිබේ. මනාප යොමු කරන්නන් අතුරින් කුසපත් ඇදීමකින් තෝරා ගන්නා 10 දෙනකුට සම්මාන ප‍්‍රදානෝත්සවය නැරඹීමේ ප‍්‍රවේශපත් පිරිනමන බවද සංවිධායක කමිටුව පවසයි. 2009 වසරේ ජනතාවගේ කී‍්‍රඩකයා ලෙස නායක තිලකරත්න ඩිල්ෂාන් ද, පසුගිය වසරේදී කුමාර් සංගක්කාර ද සම්මාන ලැබුහ. සම්මාන ප‍්‍රදානෝත්සවය මේ මස 29 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

2011 වසරේ ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීම

මදූ Saturday, 19 November 2011 07:48 AM

මාලිංග හොදයි

:       0       0

නදුනි Saturday, 19 November 2011 07:08 PM

සංගක්කාර

:       0       0

රාජා Sunday, 20 November 2011 04:04 PM

කුමාර් සංගක්කාර්

:       0       0

රාජා Sunday, 20 November 2011 04:47 PM

සංගක්කාර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site