IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති.

අද (26) මෙයාකාරයෙන් කුඩා දරුවන් දෙදෙනකුගේ  පණුවන් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුවිය.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් එම ශල්‍යකර්මය කළහ.

මේ වසර තුළ පුද්ගලයන් විසි දෙනකුට පමණ මෙවන් සැත්කම් සිදු කර  පණුවන් ඉවත් කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක  මහතා පැවසීය. මෙසේ ශරීරගතවන පණුවන් අඟල් 3ත් 5ත් අතර වන බවත් දිගැටි සුදු පැහැති පණු විශේෂයක් බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

ශරීරයේ විවිධ ස්ථානවල අභ්‍යන්තරයේ කෝෂ සාදා ගෙන මෙම පණුවන් ජීවත්වන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම පණු විශේෂයට ගොදුරු වී ඇති බව වෛද්‍යවරු කියති.

අර්ථනායක  මහතා පැවසුවේ ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත් මදුරු විශේෂයක් මඟින් මෙම පණුවා මිනිසුන්ට ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්ය.
 
කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමු වී තිබෙන බවද හෙතෙම පැවසීය.
රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන බවත් ලංකාවේ අවස්ථා කිහිපයකදී මෙවන් සිද්ධීන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.

එහෙත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් රෝගීන් පැමිණීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරුන්ගේ  මතය යි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පණු විශේෂය සහ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ  බව අර්ථනායක මහතා කීය.

බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතු වීමෙන් මෙම පණු රෝගය අනාවරණය කරගැනීමට හැකියාව පැවතිය ද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණුවන් රැඳී සිටියොත් හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බව ද වෛද්‍යවරු පවසති.
 
මෙවන් රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අර්ථනායක මහතා ප්‍රකාශ කළේය.


 



අදහස් (6)

20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති

දිමුත් Tuesday, 26 September 2017 01:07 PM

රෝග ලක්ෂණ අදුනගන්න හැටිත් කිව්වානම් වටිනවා

:       1       34

Lalith Tuesday, 26 September 2017 06:50 PM

මෙම පණු රෝගය සහ වකුගඩු රෝගය අතර සම්බන්ධතාවක් තිබෙන්නට පුළුවනි.

:       0       33

Sumith Dharmawardana Tuesday, 26 September 2017 11:54 PM

මෙවැනි පනුවන් බෝවන්නේ මැස්සන් වර්ගයකිනි. වේලෙන්නට දමා තිබෙන ඇඳුම් වල වහන මෙම මැස්සන්ගෙන් මෙම පණු බිත්තර ඇඳුම්වල දැවටී පසුව ඇඳුම් ඇන්දවිට පනුවන් හම විදගෙන ශරීර ගතවේ. වේලුන ඇඳුම් හොඳින් අයන් කර ඇඳීමෙන් මෙය පාලනය කර ගත හැකිය .

:       0       3

jayath Wednesday, 27 September 2017 01:11 AM

ඔව් ලලිත් ඔබේ සොයා ගැනීම ඉතාම ඉහලයි ! ඕක අන්තර්ජාතික ජර්නලයක දමමු !

:       0       0

ටර්බෝ Wednesday, 27 September 2017 01:12 AM

අභ්‍යන්තර තත්වය හඳුනාගන්නෙ කොහොමද. ස්කෑන් කරන්නම වෙනවද. අභ්‍යන්තරික විශේෂ වූ වේදනා රටාවන් නොමැතිද

:       0       0

wedage Wednesday, 27 September 2017 03:53 AM

පටි පනුවන් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site