(නිමල් අල්ගෙවත්ත)
පළාත් සභා ඡන්ද නවයම එකම දිනක පැවැත්වීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත්විය.
පක්ෂව ඡන්ද නොලැබුණු බවත් විපක්ෂව ජන්දය 27 ක් ලැබුණූ බවත් එම පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා පැවසීය.
එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා සභාවේ සෙංකෝලය රැගෙන වැසිකිළියට දිව ගිය අතර ඒ පසුපස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දිව ගියහ.එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරු කරගන්නා අයුරු දැකගන්නට හැකිවිය.
එහිදි සෙංකෝලය කොටස් හතරකට කැඩුණු අතර පසුව එම කොටස් එක්කොට සෙංකෝලය සකස් කළ මන්ත්‍රීවරු පිරිසක් එය සභාවේ යළිත් තැන්පත් කළහ.
එම පනතට අදාළ සභාවේ මතය ප්‍රකාශ කෙරුණේ ඉන් පසුවය. සභාව ලබන මස 12 වැනි දා දක්වා කල් තැබිණි.







2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
20 දකුණෙන් විසි වෙයි-සභාව උණුසුම් වෙයි
nishanath domabagoda Tuesday, 29 August 2017 07:50 AM
සංයමය මැදහත් බව පුරුදු නොකරපු මෙවැනි පුද්ගලයින්ට උත්තරීතර ආයතන නියෝජනය කරන්න ඉඩ සැලසූ ඔබ මම වැරදි කාරයෝ නොවෙමුද
mahee Tuesday, 29 August 2017 07:52 AM
'රටකට ලැබෙන්නේ ඒ රටේ වැසියන්ට සුදුසු ආණ්ඩුවකි' කියල කියමනක් තියෙනවා. ඔය ඉන්නේ අපට ගැලපෙන කට්ටිය.
Buddika Tuesday, 29 August 2017 08:50 AM
අන්න ගැලපෙන තැනටම සෙන්කොලය අරන් ගිහින්
Jayantha Tuesday, 29 August 2017 09:02 AM
මම UNP කාරයෙක්. ඒ උනාට මේ සෙන්කොලය උස්සන් යන එක හරි නිවටකමක් සහ ප්‍රජාතන්ත්‍රී වීරෝධී වැඩක්. මේවට අපි විරුද්ධයි. මේ අයව ඉදිර්යේදී පත් නොකර යුතුයි
ruwan Tuesday, 29 August 2017 05:17 PM
මොනවද මහත්තයෝ මේ කියන්නේ
Hafeel Tuesday, 29 August 2017 10:16 AM
සෙන්කොලය උස්සන් යන්නෙක දැන් සිරිතක් බවට පත් වෙලා. මොනතරම් පහත් ක්‍රයාවක්ද. මේ අයද මහජන නියෝජිතයෝ?