IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


20 තිබුනා නම් ඡන්දෙ මීට වඩා ලස්සනයි

විසිවෙනි සං‍ශෝදනය සම්මත කළා නම්  මනාප ක්‍රමයෙන් තොරව බොහෝ  ලස්සන ඡන්දයක් කරන්න තිබු   බව  එක්සත් ජනතා නිදහස් සන්දානයේ ගම්පහ දිස්ත්‍රික් නායක ෆීල්ක්ස් පෙරේරා මහතා අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ නාමයෝජනා බාරදීමෙන් අනතුරුව පැවසුවේය.

‘‘පක්ෂය බෙදා වෙන් කරන්න ගිය අයට අද බොහොම ලස්සන උත්තරයත් දී තිබෙනවා. අපි සටනක් කරලා අපේම ජනපති කෙනෙක්, අපේම අගමැතිවරයෙක් පත්කරගෙන අපේම කැබිනට් මණ්ඩලයක් හදාගෙන 20 වෙනි සංශෝදනය උවමනාවෙන්ම එපා කියපු එක්සත් ජාතික පක්ෂය  පරදවනවා.

ඒක සම්මත උනා නම් රට හොඳ තත්වයකට ඇවිත්. ඒක සම්මත කරගන්න දුන්නේ නැහැ.19 සංශෝදනය කළා. 20 සම්මත කළේ නැහැ. 20 සම්මත කළා නම් අපිට මේ මනාප ක්‍රමයෙන් තොරව බොහෝම ලස්සන ඡන්දයක් කරන්න තිබුණා. කෙසේ වෙතත් ඒ අරමුණ වගේම සංවර්ධනයේ, සහජීවනයේ අරමුණ කරා යාමටයි අපි මේ සටන් කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිජබිම තමයි ගම්පහ දිස්ත්‍රික්කය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරණායක, සිරිමාවෝ බන්ඩාරණායක, චන්ද්‍රිකා බන්ඩාරණායක වගේ බන්ඩාරණායකවරු හදපු පක්ෂයක නිජබිමක අපි අද ඉන්නේ. ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම අපිට ප්‍රශ්නයක් නෙමෙයි.

අපේ කණ්ඩායමේ වෛද්‍යවරු ඉන්නවා, තව විවිධ ක්ෂේත්‍රවල අය ඉන්නවා. අපි සියළු දෙනා බේදයකින් තොරව අත්වැල් බැඳගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරනවා. ඒක වලක්වන්න කාටවත් බැහැ.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් ඉන්නවා, අපේ හිටපු ජනාධිපතිතුමත් ඉල්ලනවා. කිසි ප්‍රශ්ණයක් නැහැ අපි දිනනවා.‘

බස් එකකට නගින්න විශාල සෙනඟක් හිටියට හැමෝටම ඒකට නැගල යන්න බැහැ. ඊලඟ බස් එකේ හරි වෙන මොකක හරි යන්න වෙනවා. 

අලි වගා පාළු කරනවා. අලි වැට ගහන්න කලින් ජනතාව අලින්ට වැට බඳිනවා.

 

 



අදහස් (2)

20 තිබුනා නම් ඡන්දෙ මීට වඩා ලස්සනයි

රකිත Monday, 13 July 2015 01:58 PM

20 තිබුණා නම් තව ගොඩක් දේවල් වෙනස්වෙයි (නි)

:       0       0

සමන්ති Tuesday, 14 July 2015 12:36 AM

ෆීලික්ස් මහත්තයෝ, බස් එකකට නඟින්න විශාල සෙනඟක් හිටියට, හැමෝටම ඒකට නැඟලා යන්න බැහැ කියලා කිව්වට, අපි බස්වල යන හැටි දන්නේ අපිම විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site