IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


20ට එරෙහිව තවත් පෙත්සම් පහක්

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන්  සිදු කරන   20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තවත් පෙත්සම් පහක්  අද  (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

 මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය , එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි , මහජන එක්සත් පෙරමුණේ මහ ලේකම් තිස්ස ගාමිණී අබේසිංහ ජයවර්ධන යාපා , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් හා  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි.

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ තිබේ.

 



අදහස් (2)

20ට එරෙහිව තවත් පෙත්සම් පහක්

lalith Monday, 28 August 2017 01:10 PM

ඇත්තනේ කතාව. ඕකට විරුද්ධ වෙන්නම ඕන නේද? අවබෝධතා ගිවිසුමේ විදිහට රටපුරා පවත්වන ඕනෑම මැතිවරණයකින් එකක් හෝ වැඩි ඡන්ද ගන්න පක්ෂයට අනෙත් පක්ෂයෙන් කට්ටිය දීලා තුනෙන් දෙකේ බලයක් හදල දීලා අඩුම තරමේ අවුරුදු තුනක් ආණ්ඩුව පවත්වාගෙන යන්න සහයෝගය දෙන්නනේ පොරොන්දු වෙලා තියෙන්නේ. එ්කනේ පාර්ලිමේන්තු මැතිවරණේ වැඩි ඡන්ද ලබාගත් කණ්ඩායමට කට්ටිය දීලා ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්නේ. දැන් ඒ අවුරුදු තුන ඉවර වෙන්න ඔන්න මෙන්න... මොන ක්‍රමයකින් හරි රටපුරා මැතිවරණයක් නොතිබුණොත් ණයට ඉල්ලා ගත්තු කට්ටිය අපහු යනවා. එතකොට ඔක්කොම බකල්... කොහොමහරි වහාම මැතිවරණයක් තියලා එකක් හෝ වැඩිපුර අරගෙන ඒගොල්ලෝ රඳවා ගන්න වෙනවනේ. අපි මේ සංදර්ශන දිහා මෝඩයෝ වගේ බලාගෙන ඉන්නවා.

:       25       121

buba Monday, 28 August 2017 03:40 PM

රාජපක්ෂ යුගයේ මදිවෙලාද ආයිත් ගෙන්න ගන්න හදන්නේ. අනේ මෙහෙම මිනිසුන් ඉන්න රටක්. දෙන්නකෝ සීනුවට පොදිය පිටින්ම. එක්කෝ රට ඉතුරුවෙයි. නැත්නම් මකබෑවිලාම යයි.

:       133       320

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 16 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site