අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති "1920 ලන්ඩන්" චිත්‍රපටය ටානු සුරේෂ්ගේ සිනමා අධ්‍යක්ෂණයකි. මැයි මස 06 වැනිදා තිරගත කිරීමට කටයුතු යොදා ඇති මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්‍රපටයක් බව සඳහන් වෙයි. චිත්‍රපටයේ නිෂ්පාදන බරපැන දරා ඇත්තේ "රොලයින්ස් එන්ටර්ට්‍රේට්මන්ට්" ආයතනයයි. ජනප්‍රිය බොලිවුඩ් නළු ෂර්මන් ජෝෂි මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, මීරා චොප්රා, විශාල් කර්වාල්, සාගර් සයිකියා සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. අත්භූත චිත්‍රපට රැසක් නිර්මාණය කළ මහේෂ් භාට්ගේ තිර රචනාවකට අනුව මෙය නිර්මාණය වී ඇත. මෙය ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක අප්‍රේල් 21 වැනිදා ප්‍රදර්ශනය කර තිබුණද, චිත්‍රපටය බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මැයි 06 වැනිදා බව සඳහන් වෙයි.