ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීම සඳහා මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස් තෝරා ගනු ලැබ ඇත.
නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද කණ්ඩායමේ උප නායකයා ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සදීර සමරවික‍්‍රම නම්කර තිබේ.
මෙම තරගාවලියෙන් අනතුරුව ඉන්දීය 19 න් පහළ පිලට එරෙහිව තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.
නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 19 න් පහළ සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික‍්‍රම (උප නායක), රුක්ෂාන් ප‍්‍රනාන්දු (ජෝෂප් වාස්), හෂාන් දුමිඳු (ගුරුකුල), කවිඳු කුලසේකර (තර්ස්ටන්), තිලක්ෂ මල්ෂාන් සුමනසිරි (ගල්කිස්ස සා. තෝමස්), මිනෝද් භානුක (මලියදේව), සන්ජික රිද්ම (මාතර සා. සර්වේශස්), පි‍්‍රයමාල් පෙරේරා (ශා. ජෝෂප්), රමේෂ් මෙන්ඩිස් (ධර්මාශෝක), ඒ. කේ. ටිරෝන් (රිච්මන්ඞ්), ලක්ෂාන් ජයසිංහ (ති‍්‍රත්ව), හෂාන් විමර්ශන (මාතර සා. තෝමස්), බිනුර ප‍්‍රනාන්දු (ඞී. එස්. සේනානායක), චාමික කරුණාරත්න (රාජකීය) සහ හර්ෂ රාජපක්ෂ (මාතර රාහුල විද්‍යාලය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තරුණ ජවය මෙ විදිහට ක්‍රීඩාවක් වෙනුවෙන් නාස්ති කරලා හරියනවද. අපේ රටට ඉස්සර ආසියාවේ ධන්‍යාගාරය කියල කිව්වේ අපේ මුතුන් මිත්තෝ මහන්සි වෙලා රට දියුණු කරන්ඩ වැඩ කරපු නිසා.(නදී)
ඔබ දක්ෂයෙක් (දී)
අර දොරවල් අරින අපේ කෙනා මේකට සුදුසු නැද්ද? (නි)
අපේ දොරටුපාලට 19 ට වැඩි ඇති. නැත්නම් ෂුවර් එයයි කැප්ටන් වෙන්නේ (නි)
ගෝ වේල්ස් කුමර! (නි)
අපේ දොරටුපාල මධ්‍යම පළාතෙන් ඡන්දයට එන්නේ නැද්ද? අනිත් හැම ඇමතියෙක් ගෙම බල්ලෝ පවා මේ පාර ඡන්දෙට ඉදිරිපත්වෙනවා නේද? අනේ මෙහෙමත් රටක්. (අ)
ශාමු අශාන් නැද්ද (අ)