දහනව වැනි වියෙහි පසුවන දැරියක බොහෝවිට රැඳී සිටින්නේ තම දෙමවුපියන් සමගයි. ඒත් එවැනි වයසකදී ජනප්‍රියත්වය, කීර්තිය සහ ඉසුරුමත් ජීවිතයක් තමන් විසින්ම උදාකරගනු ලැබූ යුවතියක් හොලිවුඩ්පුරයේ සිටින බව මේ වන විට බොහෝදෙනා දන්නා කරුණකි. ඇය තමයි කයිලි ජෙනර්. ඇය නිරූපිකාවක් පමණක් නොව, ඇමෙරිකාවේ රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. ඇය බොහෝදෙනා හඳුනන්නේ කිම් කාර්ඩිෂන්ගේ නැගණිය ලෙසයි.කෙසේනමුත් පසුගිය අගෝස්තු 10දා දහනව වැනි වියට පා තැබූ මේ සුරූපිනිය පසුගියදා තුන්වැනි නිවසත් මිලදී ගනු ලැබීය. කැලිෆෝනියා ප්‍රාන්තයේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේ පිහිටි නිවසක් මෙලෙස ඇය මිලදීගෙන තිබිණ. වර්ග අඩි 12,000ක ප්‍රමාණයකින් යුතු මේ නිවසෙහි නිදන කාමර 4ක්, නාන කාමර 4ක් සහ කාර්යාල කාමර ඇතුළු නවීන පහසුකම් රැසක් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කයිලි ජෙනර් මිලදීගත් මෙම නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5ක් වන බව විදෙස් වෙබ්අඩවි සඳහන් කරයි.
2007 වර්ෂයේදී ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඇය ඉතාමත් සීමිත කාලයක් තුළ ඉතා ධනවතෙකු වූ බව සඳහන් වෙයි. Keeping Up with the Kardashians රියලිටි වැඩසටහන් තුළින් නිවේදන දිවිය ආරම්භ කළ ඇය 2007 වර්ෂයේ සිට තවමත් එහි නිවේදිකාවක ලෙස කටයුතු කරනු ලබයි. තම පවුල නමින් මෙම රියලිටි වැඩසටහන E නාළිකාව ඔස්සේ විකාශනය කරනු ලබයි. මෙම වැඩසටහනෙන් පසුව ඇය 2010 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා Kourtney and Khloé Take Miami නම් රූපවාහිනී ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ විය. එතැන් පටන් ඇය රූපවාහිනී කතා මාලාවන් සඳහා දායක වීම ආරම්භකරන ලදී. මේ වන විට ඇය ටෙලිනාට්‍ය 8ක් සදහා දායක වී ඇති අතර, ඇය දායක වූ I Am Cait නම් රූපවාහිනී කතා මාලාව සඳහා තවමත් ඇය රංගනයෙන් දායකත්වය ලබාදෙනු ලබයි. 2013 වර්ෂයේදී ඇය Choice TV Reality Star ලෙසද සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.
මේ අතර විදෙස් මාධ්‍ය තවත් ආන්දෝලනාත්මක් පුවතක් වාර්තා කරනු ලබයි. ඒ ආරංචිවල සඳහන් වන්නේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේම පිහිටි තවත් නිවසකට යෑමේ අදහසක් කයිලි තුළ ඇති බවයි.
මේ නිවස අවට ජෙනිෆර් ලෝපෙස්, මිලී සයිරස් සහ ජෙසිකා වැනි කලාකාරියන්ගේ නිවෙස්ද පිහිටා තිබෙන බවයි සඳහන් වන්නේ. කයිලිගේ වැඩිමහල් සොයුරිය වන කිම් කාර්ඩිෂන් සහ ඇගේ සැමියා වන කාන්යෙ වෙස්ට් ද ඒ සමීපයෙහි පදිංචිව සිටින බව සඳහන් වෙයි.
2015 වසරේ අවසානය වන විට නිල නොලත් ලෙස ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 11,903,713 ලෙස සඳහන් වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
19 වියෙදී කෝටිපතිනියක් වූ Kylie Jenner