IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


19 වැනි දා උසාවි එන්නැයි රනිල්ටත් නොතීසි

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් තිස්ස අත්තනායක මහතා ඉවත් කිිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එහි වගඋත්තර කරුවන්ටද අවස්ථාව ලබාදීමෙන් පසුව ලබන 19 වැනිදා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය.

    ඒ අනුව පෙත්සම පිළිබඳව දැනුම් දෙන නොතිසි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ , එහි මහලේකම් කබීර් හෂීම් ඇතුළු වගඋත්තරකරුවන්ට කඩිනමින් ලබාදෙන ලෙස තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරුන්ට නියමවිය.

    එම නොතිසි සිංහල, දෙමළ, ඉංගී්‍රසියෙන් පළවන දිනපතා පුවත්පත් තුනකද පළකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

    ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් විසින් මෙම පෙත්සම විභාග කිරීම සඳහා එම විනිසුරු මඩුල්ල පත්කර ඇති බවත්, ඒ අනුව ලබන 19 වැනිදා මෙම විනිසුරු මඩුල්ල හමුවෙහි පෙත්සම කැඳවීමට නියම කළේය.

    පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහි පෙත්සම්, එම පෙත්සම ගොනුකළ දිනයේ සිට මාස දෙකක් තුළ විභාග කර එහි තීන්දුව ප්‍රකාශ කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

19 වැනි දා උසාවි එන්නැයි රනිල්ටත් නොතීසි

බුවා Friday, 13 March 2015 10:30 AM

ම්... සතුටුයි! දැනුයි උසාවියේ වැඩක් වෙන්නේ. (ස)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 12:02 PM

ජනමතය බලවත් - සියල්ලට ඉහලින්. (ර)

:       0       0

ප්‍රකාශ් Friday, 13 March 2015 10:35 AM

බටලන්දේ නඩුව විභාග කරන්න වෙන්න ඇති. (ස)

:       0       0

නිශාන්ත Thursday, 12 March 2015 01:42 PM

රනිල් මහත්තයා රටටම ආදර්ශයක් (නි)

:       0       0

කල්හාර Thursday, 12 March 2015 02:23 PM

එහෙම තමයි. නීතියට අනුව වැඩ සිද්ධවෙන්න ඕනෑ (නි)

:       0       0

කරුණාපාල Thursday, 12 March 2015 02:39 PM

අන්න නියමයි! එහෙම තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 12 March 2015 02:41 PM

නීතිය කාටත් පොදු නිසා, යහපාලනය අනුව කවුරුත් උසාවියට යායුතුය (නි)

:       0       0

කමල් Thursday, 12 March 2015 05:45 PM

ඒක හොඳයි. නීතිය සැමටම පොදු වියයුතුය (නි)

:       0       0

සමන්ති Friday, 13 March 2015 12:43 AM

ඔහු යු .එන්.පී. එකෙන් ගොස් ශ්‍රී. ල .නි.පක්ෂයේ ලේකම් වුණා නේද?එතකොට ශ්‍රී.ල.නි.පක්ෂයේ ලේකම්ට යු .එන්.පී. එකේ සාමාජිකත්වය තිබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site