
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත ප්‍රදේශයේ විසූ හිටපු කිකට් ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොල්වත්තේ ස්ථානගත කර තිබෙන ගාල්ල අපරාධ කොට්ටාසය කියයි.
සැකකරුවන් අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේම පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.
හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ මහතාට වෙඩි තැබීමට පැමිණි අය සෙවීම සදහා පරීක්ෂා කරන ලද සී.සී.ටී.වී.දර්ශන අනුව මේ සැකකරුවන් දෙදෙනා බොහෝදුරට සංසදනය වන බැවින් එය තහවුරු කර ගැනීමට තව දුරටත් පරීක්ෂණ් පවත්වන බවද පොලීසිය කියයි.
මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ ඝාතනය සිදු වන්නට ඇතැයි සැකකරන බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික කියන්නේ හොඳ පන්දු යවන්නෙක් අවුරුදු 20ක් වෙද්දිම ක්ලබ් එකෙන් අයින් කරා හේතුවක් නැතුව 2004 සුනාමියට කලින් ඊට පස්සේ ක්‍රිකට් ගැහුවේම නෑ... ආරංචියක්වත් නෑ. පව් මොනවා වුණත් ලංකාවේ ක්‍රිකට් නම් සල්ලි තියෙන, දැන් හැඳුනුම් නැත්තං ක්‍රිකට් ගහන්න බෑ...
මොහු සුදු චරිතයක් නොවේ , නමුත් මෙවැනි ඝාතන අනුමත කරන්න බැහැ , මට වයස 70 කට වැඩි , මම 71 කාලේදී විජේවීර , ඇතුළු මහා නඩුවේ අපේ ගම පළාතේ ජිවත්වුන ප්‍රධාන විතිකාරයෝ 3-4 දෙනෙක් බොහොම ලගින් ආශ්‍රය කරලා තිබෙනවා 60 දශකයේ සිට 2010 වනතෙක් , මට දෙන්න පුළුවන් අවවාදය , ඔබලා පාතාල කාරයෝ ආශ්‍රය කරන්න එපා ,ආයුධ අතට ගන්න එපා , එහෙම කලොත් අනිවාර්යෙන් නඩු වැටිලා හිරේ යන්න වෙනවා , එහෙම නැතිනම් මේ වගේ අකාලයේ මිය යන්න වෙනවා , නඩු වැටිලා අමාරුවේ වැටුන දවසට කවුරුත් නැහැ ,