IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


18 වංගුව යළි විවෘත කරයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ  කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කළේය.

අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ දෙවැනි වංගුව අසල පස් කදු කඩා වැටීමක් ඊයේ(19 ) සවස  සිදුව ඇති අතර ‍මේ හේතුවෙන් මහනුවර මහියංගණ මාර්ගයේ අවහිර වී ඇති කොටසේ එක් තීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වසා දමා තිබිණි.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කළ ස්ථානීය නිරීක්ෂණය අනුව එම මාර්ගය මේ වන විට දැඩි අවදානම් නොවන නිසා වාහන ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවසීය.

කෙසේ වුවත්  අධික වැසි අවස්ථාවලදී එම මාර්ගයේ තව දුරටත් පස් කදු කඩා වැටමේ අවදානමට ලක්විය හැකි බැවින් රියදුරන්

පරීක්ෂාකාරී විය යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (0)

18 වංගුව යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site