
(සුමිත් පොතුපිටිය)
යතුරුපැදිය සේදීමට ළිදට ගිය තරුණයකු අද(08) පස්වරුවේ ළිදේ වැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ මහියංගනය, ප්‍රදේශයේ පදිංචිව සිටී එම්. කවීෂ කුමාර නමැති 18 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තරුණයා දින දෙකකට පමණ පෙර කළුතර උතුර , පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔහු හෙට(09)වන දින රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට නියමිතව සිට ඇති බවද සඳහන් වේ.
මියගොස් ඇති තරුණයා පනාපිටිය කෙත්සිරි මාවතේ ළිදකට යතුරු පැදිය සේදීමට ගොස් සිටියදී බාල්දිය ළිඳට වැටී ඇති අතර , එය ළිදෙන් ගැනීමට යාමේදී දියේ ගිලී මරුමුවට පත්ව ඇති බව කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කරයි.
සිරුර එම මොහොතේම ළිඳෙන් ගොඩට ගත්ත ද ඔහු ඒ වන විටත් මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
18 තරුණයා ළිඳට බිලි