එංගලන්තයේදී ලබන මස පැවැත්වෙන තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් පිලට කොළඹ ආනන්ද විදුහලේ සහ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. මෙම සංචාරය අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වේ.
ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක සහ සිතාර ගිම්හාන් ද, කොළඹ ආනන්ද විදුහලේ නිසල් ෆ‍්‍රැන්සිස්කෝ, සහන් ආරච්චිගේ ද, මෙම සංචාරයට සහභාගි වීමට නියමිතය.
කොළඹ රාජකීය විදුහලේ චාමික කරුණාරත්න නායකයා ලෙස ද, පානදුර රාජකීය විදුහලේ මාධව නිමේෂ් උප නායකයා ලෙස ද, මෙහිදී කටයුතු කරති.
ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම : චාමික කරුණාරත්න (නායක - කොළඹ රාජකීය විදුහල), මාධව නිමේෂ් (උප නායක - පානදුර රාජකීය විදුහල), චරිත් අසලංක, සිතාර ගිම්හාන් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), නිසල් ෆ‍්‍රැන්සිස්කෝ, සහන් ආරච්චිගේ (කොළඹ ආනන්ද විදුහල), ලසිත් ලක්‍ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල), අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශා. සෙබස්තියන් විදුහල), කවීන් බණ්ඩාර (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව විදුහල), අසිත මධුසංඛ (කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල), ඞී. ඒ. පී. එල්. සමරවීර (කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල), ආර්. සෙයාර් (මහනුවර ත‍්‍රිත්ව විදුහල), තිලාන් නිමේෂ් (මොරටුව වේල්ස් කුමර විදුහල) සහ රවිඳු තිලකරත්න (ගල්කිස්ස සා. තෝමස් විදුහල)
අතිරේක ක‍්‍රීඩකයෝ:
එස්. මුතාලිප් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), තරිඳු හසන්ත (ගල්කිස්ස සා. තෝමස් විදුහල), ෂෙනාල් ද සිල්වා (මොරටුව වේල්ස් කුමර විදුහල), පී. දුවරක සෙයිලන් (යාපනය ශා. ජෝශප් විදුහල) සහ ලක්කන ජයසේකර (කොළඹ ආනන්ද විදුහල)
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
17 න් පහළ ජාතික පිලට රිච්මන්ඞ් 2 යි, ආනන්ද 2 යි
ප්‍රසන්න දයාසිරි Thursday, 11 July 2013 04:36 AM
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලේ දරුවෙක් මේ සංචිතයට ඇතුළු වීම හරිම සතුටුයි මගේ සුබ පැතුම්. (අ)
ජායි Thursday, 11 July 2013 05:07 PM
අපි හිතුවේ කටුනේරියෙන් තුන්දෙනේක්වත් ඇති කියල ? (අ)
ඉන්දික රත්නායක Monday, 15 July 2013 12:36 PM
මේ සීසන් එකේ වැඩිම විකට් ගත්ත කටුනේරිය බේක් බෝලර්ව කපපු එක හොද නැහැ (නි)