IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

අජන්ත කුමාර අගලකඩ

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් හෙට (21) දිනයේදී පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති බැවින් මෙසේ අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය.



අදහස් (9)

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

td Thursday, 20 September 2018 10:52 PM

තණ්හාය ජායථී සෝකෝ

:       73       155

rohana Friday, 21 September 2018 01:46 AM

දැන් මොකද මේ අයට වෙන්නේ අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැද්ද?

:       33       185

janmatha anura Friday, 21 September 2018 03:15 AM

ශ්‍රී ලනිපයේ අපි කවදාවත් මෛත්‍රී ප්‍රමුඛ යූ.අැන්.පී යට පක්ෂය පාවා දුන්න කණ්ඩායමට ඡන්දෙ දෙන්නේ නැහැ. අපි දෙන්නේ පොහොට්ටුවට.. මේ අය පොහොට්ටුවෙන් ප්‍රබල ජයක් ලබා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලනිපයට ඇපත් නැහැ. අසනීප හදාගත්ත දිසානායක කෙනෙක් නිසා ඔබතුමාලා කලබල වෙන්න එපා..

:       2       1

janatha anura UAE Friday, 21 September 2018 03:25 AM

අල්ලපු දිරච්ච අත්ත කඩාගෙන පය ගහපු ඇත්තට වැටුණ ඒකත් කඩාගෙන යන්තම් බිමට නොවැටී පොහොට්ටුවක් උඩට වැටුණ එතන මල් පාත්තියක්

:       0       2

Samadhi Friday, 21 September 2018 03:48 AM

හොදම වැඩක් ජනාධිපතිතුමා. කරලා තියෙන්නේ ............

:       1       2

Shan Friday, 21 September 2018 06:09 AM

මේ අයට වෙන්න දෙයක් නැහැ. හොඳට අපේ සල්ලි ගහලා මේ ඔක්කොම කෝටිපතියෝ වෙලා ඉන්නේ. අන්තිමට අපි තමයි පරදින්නේ. SLFP දැන්වත් පක්ෂේ සුද්ද කරගත්තොත් හොඳයි.

:       0       31

Nandana Friday, 21 September 2018 06:58 AM

හොඳ අනාගතයක් ..........

:       0       2

සතයපාල Friday, 21 September 2018 07:24 AM

ඒ කියන්නේ අනිත් අට දෙනා ඩබල් ගේමක් ගහන්නේ.

:       0       5

sirimal Friday, 21 September 2018 08:50 AM

නිකන් ටොකු ඇන ඇන ඉන්නේ නැතුව පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනක් පක්ෂයකට වැඩ කරන සියලුම දෙනාට විනයානුකුලව කටයුතු කර සාමාජිකත්වය තහනම් කර පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. "ප්‍රගතිශීලීන් සියලුම දෙනා එක කඳවුරකට එකතු කර ගන්නයි අපේ උත්සාහය" කියන බහු භූත කතාවෙන් පෙනී යන්නේ "කොන්දක් නැත" කියන එකයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13936 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site