ඕස්ට්‍රේලියා මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයන් ශ්‍රී ලංකාවට යැවීමේ අදහසක් නැතැයි ඕස්ට්‍රේලියා රජය ඕස්ට්‍රේලියා මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ඉන්දියාවේ සිට ගිය මෙම පිරිස පසුගිය ජූලි 07 වැනි දා අත්අඩංගුවට ගෙන මුහුද මැද රඳවාගනු ලැබ සිටිති.
දින තුනක ලිඛිත දැන්වීමකින් තොරව බෝට්ටුවේ සිටින පිරිස් ආපසු නොයවන බව ඕස්ට්‍රේලියා රජය කියයි.
විනිසුරු කෙනත් හේන් පැවසුවේ ඕස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයන් අතරමඟ දී බලෙන් නවතා ඕස්ට්‍රේලියාව හැර වෙනත් රටකට යැවීමේ බලය ඕස්ට්‍රේලියාවට ඇද්ද යන්න මෙම සිද්ධියෙන් මතුවන බවයි.
නඩුව අද සවස යළිත් කැඳවේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
153 තාම මූද මැද : නඩුව අද සවස
සුරම්ම්‍යා Friday, 18 July 2014 06:49 AM
පස්සේ කනවෝ.... කනවෝ.....කියල කියන්න එපා .(අ)
පැරා Friday, 18 July 2014 06:55 AM
තව ඉන්නවා එවන්නම්, මෙහෙ කට්ටිය වැඩියි, ආණ්ඩුවට කට්ටිය මදියි, මොකද මෙහෙ ඕන තරම් ජොබ් , හොදට කන්න බොන්න, යාන වාහන එමටයි, සුකොපබෝගී නිවාස, (අ)
ජයරත්න Friday, 18 July 2014 11:25 PM
නිහාල් විතානගේට මොනවා වෙලාද මන්දා? (නි)
රාජපක්ෂ Friday, 18 July 2014 11:36 PM
ඒ කියන්නේ ලිඛිත දැන්වීම දීලා, පැමිණි රටට යවනවා කියන එකද....? (නි)
චමින්ද Friday, 18 July 2014 11:53 PM
කුමාර, ඔබ හරි (නි)
කණිෂ්ක Friday, 18 July 2014 12:14 PM
විසඳුම කුමක් වේවිද? (නි)
බමුණු Friday, 18 July 2014 07:39 AM
මොකක්ද මේ හතර බීරි කතාව. මෙය දැනගත්ත ගමන් මිනිස්සු හොර පාරේ ඕස්ට්‍රේලියාවට යාවි. ඕස්ට්‍රේලියාවට ගොහින් දුක්විදින්න ඕනේ ටික කාලයයි ලංකාවේ සිටියොත් ජීවිත කාලයම දුක්විදින්න ඕනේ කියල මිනිස්සු දන්නවා. ඔස්ට්‍රේලියාවට ගිහිල්ල මිනිස්සු මහන්සිවෙන්නේ තමන්ගේ දියුණුවට. ලංකාවේදී මහන්සි වෙන්නේ පළාතේ දේශපාලුවගේ දියුණුවට. (නදී)
අනුර පනාගොඩ මෙල්බර්න් Friday, 18 July 2014 07:44 AM
අපේ පඩියෙන් කපන බදු මුදල් අනෙකුත් දේවල්වලට මෙහෙම නාස්ති වුනොත් බදු සිල්ලම වැඩිවේවි. මෙහෙම ගියොත් සරණාගතයන් නඩත්තු කරන්නෙත් අපෙන් කපන බද්දෙන්. කමක් නැහැ එක අතකට පිනක්නේ කියල ඉන්නවා (නදී)
නිශේන් Friday, 18 July 2014 12:45 PM
ගාමිණි, නොදන්නා දෙයට කතානොකර ඉන්න. හරියන්නේ හරි ක්‍රමයට නම් කමක් නැහැ. පුළුවන් තරම් බොරු කියලා මෙතන වීසා නැතුව ගොඩබැහැපු කට්ටිය ලංකාව තුට්ටු දෙකට දාන හැටි නොදැන අනුමාන කතා කියන්න එපා. ඔබ හිතන්නේ ලංකාවෙන් මේ රටට ආ හැමෝම බෝට්ටු වලින් ගොඩ බැහැලා කියලාද? (නි)
චන්දන Friday, 18 July 2014 12:49 PM
ගාමිණි හිතන්නේ මෙහෙ ඉන්න ඔක්කොම බෝට්ටුවෙන් ගොඩබැහැලා කියලාද? (නි)
ලාලිත Friday, 18 July 2014 12:55 PM
ගාමිණි මහත්තයා, උගත්කමක් කෙසේ වෙතත් ආචාර ධර්මයක් එක්කවත් මේ මිනිසුන් මෙහෙ එන්නේ නැති බව අපි හැමෝම දැන් තේරුම් අරගෙන ඉන්නේ. (නි)
කුමාර Friday, 18 July 2014 01:10 PM
ගාමිණි, අපි නම් ආවේ නීතියට අනුව වීසා අරගෙන. අපි රස්සාවල් සොයාගත්තේ බොරු කියලා නෙවෙයි. සුදුසුකම් අනුව. ඒ නිසා අපි කොන්ද කෙළින් තියාගෙන ජීවත්වෙනවා. (නි)
සුනිල් Friday, 18 July 2014 01:16 PM
තමන්ගේ කියලා ලංකාවෙන් එන බෝට්ටු තරුණයෙකුට උදව කරන්න ගිහිල්ලා අපි හොඳ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. (නි)
සුරේනි Friday, 18 July 2014 01:21 PM
අපේ පළාතේ මෙහෙම බෝට්ටුවේ ආ කෙනෙක්ව සම්මුඛ පරීක්ෂණයකදී අතටම අහු වුණා. (නි)
උමේෂ් Friday, 18 July 2014 01:28 PM
අපි මේ අයට මනුස්සකමට උදව් කරන්න ගිහින් හොඳ පාඩම් ඉගෙනගෙන තිබෙනවා. කන්න දීපු අත හපාකන වැඩමයි කරන්නේ. පිටින් ඉඳලා මේ අයගේ ගුණ වනන උදවිය මෙහෙ ඇවිල්ලා බලන්නකෝ මේ උදවිය ජීවත්වෙන හැටි. (නි)
මැණික් Friday, 18 July 2014 01:35 PM
මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ඉක්මනින් අවශ්‍යයි (නි)
නිහාල් විතානගේ Friday, 18 July 2014 01:40 PM
බහුතරය සුද්දන්ගේ රටවලට ආවේ ඔහොම තමයි.දැන් මුල මතක නැහැ. (නි)
ශශීමාල් Friday, 18 July 2014 02:03 PM
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාවේ කුමාරගේ අදහසට මම ගරු කරනවා. ඒ තමන්ගේ අසහනය පිටකරන්නේ නැතුව තමන් ඉන්න කැමති ලංකාවේ කියලා වැදගත් විදියට ප්‍රකාශ කළ නිසා. (නි)
නෙළුම් Friday, 18 July 2014 02:09 PM
අනේ! අපි නම් හරි කැමතියි මහා ලොකුකම් නැති වුණාට , මව්බිම ගැන බොරු නොකියන අවංක, ලංකාවට ගෞරවයක් ලෙස ජීවත්වෙන්න කැමති උදවිය වැඩි වැඩියෙන් මෙහෙ එනවාට. (නි)
ලලිත Friday, 18 July 2014 09:31 AM
බෝට්ටු වලින් එන උදවියට ලංකාවේ කට්ටිය නේද කියලා උදව් කරන්න ගිහින් අපි හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. ජම්ම පුරුද්දට මෙහෙ එන්නෙත් ලංකාව ගැන බොරු කියාගෙන. ඇවිල්ලා අපේ රට ගෝත්‍රික රටක් කියලා මෙහෙ අයට හිතෙන විදියට තමයි ජීවත් වෙන්නේ. (නි)
කුමාර Friday, 18 July 2014 09:31 AM
මගේ නම් කිසිම කෙනෙක් ඕස්ට්‍රේලියාවේ නැහැ. මේ කියන්නේ ඊර්ෂ්‍යාවට නෙමෙයි. මේ විදියෙන් රටවලට ගිය මිනිසුන් පරම්පරා දෙකක් යනකොට ඒ රටවලටම හිසරදයක් වෙනවා. (නි)
ගාමිණී Friday, 18 July 2014 09:43 AM
මට නම් මගේ රට සුරපුරයක් (නි)
නිහාල් විතානගේ Friday, 18 July 2014 09:45 AM
ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහලයින් තමන්ගේ කෙනෙක් එනවට කැමැති නැහැ වගෙයි (නි)
ජයන්ත Friday, 18 July 2014 05:17 AM
එහෙමනම් ඉතින් සාදරයෙන් පිළිගන්න වේවි. ඇවිත් නිකම් ඉන්න ගමන් අනිත් මිනිස්සු පැය 24 මහන්සි වෙලා උපයන මුදලින් හවසට බාර් ගානේ යන්න පර්මිට් එකකුත් ලැබුනා නම් පංකාදුයි. (අ)
ජයන්ත Friday, 18 July 2014 05:17 AM
එහෙම නම් ඉතින් සාදරයෙන් පිළිගන්න වේවි. ඇවිත් නිකම් ඉන්න ගමන් අනිත් මිනිස්සු පැය 24 මහන්සි වෙලා උපයන මුදලින් හවසට බාර් ගානේ යන්න පර්මිට් එකකුත් ලැබුනා නම් පංකාදුයි. (නදී)
නිහාල් විතානගේ Friday, 18 July 2014 10:03 AM
ඉතාලියට සරණාගත බෝට්ටු හරියට එනවා. රැකියා නැති නිසා ආපසු යනවා (නි)
ගාමිණී Friday, 18 July 2014 10:06 AM
ඔය කෑගහන ගොඩක් අය ඕස්ට්‍රේලියාවට ආවෙත් ඔහොම තමයි. තව කාටවත් හරියනවට කුහකකමට කෑ ගහනවා. ඕස්ට්‍රේලියාව හොඳ නැත්නම් ලංකාවට එන්න. (නි)
පිටබැද්දර ජයා Friday, 18 July 2014 06:25 AM
මේ යන මිනිසුන්ට යන්න නිවැරදි මාර්ගයක් හදල දුන්නනම් මේ වගේ මාරාන්තික ගමනක් යන්නේ නැහැ , රටවල් අතර ප්‍රසන ඇති වෙන්නෙත් නැහැ. (නදී)