කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති 15 න් පහළ තරගයකදී නොදැවී ලකුණු 352 ක් රැස්කරමින් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු රැස්කිරීමේ වාර්තාව තමන් සතුකරගැනීමට ආනන්ද විද්‍යාලයේ සමූ අෂාන් සමත් විය.
මෙම තරගයේදී ආනන්ද විදුහල ඕවර 50 කදී ලකුණු 550 ක් රැස් කිරීමට සමත් වූ අතර ශාන්ත තෝමස් විදුහල් ඉනිම ලකුණු 56 කට සීමා වීමත් සමග ආනන්ද විදුහලට ලකුණු 494 ක දැවැන්ත ජයක් හිමිවිය.
ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල නියෝජනය කරන දකුණත් පිතිකරුවකු වන සමූ අෂාන් පන්දු 123 කදී හයේ පහර 31 ක් සහ හතරේ පහර 26 ක් සමගින් නොදැවී ලකුණු 352 ක් ලබාගත්තේය. මෙය වයස 15 න් පහළ පිතිකරුවකු ලබාගත් තුන්වැනි ති‍්‍රත්ව ශතකයයි.
මීට පෙර, 1978 වසරේදී, කොළඹ ආනන්ද විද්‍යාලයේම සිසුවකුව සිටි, පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකායද වූ අර්ජුන රණතුංග හලාවත ශාන්ත මරියා විදුහලට එරෙහිව ලකුණු 315 ක් ලබාගත් අතර ඔහු එම තරගයේදී කඩුලූ 11 ක් ද දවාගැනීමටද සමත් විය.
වසර 2010 වසරේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ සංසන ප‍්‍රනාන්දු වයස 13 න් පහළ තරගයකදී බෝඹුවල මධ්‍ය මහා විදුහලට එරෙහිව ලකුණු 316 ක් ලබාගත්තේය.
ආනන්ද විදුහල රැස්කළ ලකුණු 550, වයස 15 න් පහළ , වැනි කොටසේ තරගයක ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වන අතර ලකුණු 494 ක ජයග‍්‍රහණයද 15 න් පහළ I වැනි කොටසේ තරගයකදී වාර්තා වූ දැවැන්තම ජයග‍්‍රහණයද වෙයි.
අද පැවැති තරගයේදී සමූ අෂාන් සහ ශාමල් හිරුෂාන් (නොදැවී 101) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 447 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. පිට දඟ පන්දු යවන සමූ අෂාන් ලකුණු 14 කට කඩුලූ 6 ක්ද දවා ගනිමින් ආනන්ද විදුහල දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කර දීමට සමත් විය.
ආනන්ද විදුහල ඕවර 50 යේදී කඩුලූ 3 ට 550
(සමූ අෂාන් නොදැවී 352, ශාමල් හිරුෂාන් නොදැවී 101, භාෂිත ඉලේපෙරුම 33, ප‍්‍රභාෂ් හංසමාල් 30)
ශාන්ත තෝමස් විදුහල ඕවර 30 කදී සියලූ දෙනා දැවී 56
(සමූ අෂාන් 14/6, චමෝද් මධුසංඛ 6/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ, ලංකාව වටේ ඉන්න දක්ෂ දරුවන්ට තෝතැන්න තමයි ආනන්ද විද්‍යාලය , ඕක හැදුවේ දුප්පත් දක්ෂයන්ට.(නදී)
සුභ අනාගතයක් !!! ඉදිරියේදී ජාතික කණ්ඩායමට එක්වීමට වරම් ලැබේවා! (නි)
මෙවන් දරුවන් හට මෙතැන් පටන්ම මනා පුහුණුවක් ලබා දීමෙන් අනාගත ක්‍රිකට් තරුවක් නිර්මාණය කල හැකියි.(නදී)
අන්න මනුෂ අනුවණ කතාවක් කිව්වා,ඔය ළමයා ලංකාවේද? (නි)
සමු අශාන්, අම්බලන්ගොඩ දෙවනන්දෙන්, ආනන්දෙට ගත්තේ. මෙයාගේ නියම හිමිකරුවෝ අම්බලන්ගොඩ. (නදී)
මනුෂ, අර්ජුනත් ආනන්දෙට ආවේ ගම්පහින්, මාර්වන් ආනන්දෙට ආවේ මහින්දෙන්,චන්දිමාල් අම්බලන්ගොඩින් මෙතැන මුලිකම දේ ආපු තැන නෙමේ. ආනන්දේ පහසුකම් එක්ක නිවැරදි පුහුණුව ලැබීමි, තරගකාරීත්වය බලපානවා. ලංකාවේ අනාගතයට බිහිවන තවත් තරුවක්. සුබ පතනවා දීප්තිමත් අනාගතයකට, අනික් පිලේ දරුවනි ඔබලා අධෙර්‍යමත් වෙන්න එපා. මෙම පරාජය තුලින් නැගී සිට ජයග්‍රහණය කරා පිය නගන්න. මේ හැමෝම දක්ෂයන්, රටේ සම්පත්. මොඋන්ට මානසිකව වැටෙන්න දෙන්න එපා.(නදී)
නියමයි පුතා.ඔබ වැනි අයයි අපට අවශ්‍යය. තේරීම් කම්ටුව මොකද කරන්නේ මේ ළමයව අරගෙන පුහුනුව ලබා දෙන්න. මට විශ්වාසයි ඔහු ලාරා වගේ වෙයි අනාගතයෙදි. සුභ පැතුම් පුතා.(නදී)
ස්තුතියි සහෝදරයා. ආනන්දයට සහෝදර නාලන්දාවෙන් උණුසුම් සුභ පැතුම් ! ආදී නාලන්දීය මැද පෙරදිග කන්ඩායම.(නදී)
වෙළද දැන්වීම් වලට හසු නොවී නිහතමානී ගමනක් යාමට සුභ පැතුම්!(නදී)
දක්ෂ ක්‍රීඩකයෙක්. සුබ පතනවා ඉදිරියේදී ජාතික කණ්ඩායමට රට කීර්තියක් අත්කර දෙන්න (නි)