IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


15 න් පහළ පාසල් පිතිකරුගේ වාර්තාව සමූ අෂාන් (352*) හිමිකරගනී

කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ ආනන්ද විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති 15 න් පහළ තරගයකදී නොදැවී ලකුණු 352 ක් රැස්කරමින් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු රැස්කිරීමේ වාර්තාව තමන් සතුකරගැනීමට ආනන්ද විද්‍යාලයේ සමූ අෂාන් සමත් විය.

මෙම තරගයේදී ආනන්ද විදුහල  ඕවර 50 කදී ලකුණු 550 ක් රැස් කිරීමට සමත් වූ අතර ශාන්ත තෝමස් විදුහල් ඉනිම ලකුණු 56 කට සීමා වීමත් සමග ආනන්ද විදුහලට ලකුණු 494 ක දැවැන්ත ජයක් හිමිවිය.

ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක‍්‍රිකට් පිල නියෝජනය කරන දකුණත් පිතිකරුවකු වන සමූ අෂාන් පන්දු 123 කදී හයේ පහර 31 ක් සහ හතරේ පහර 26 ක් සමගින් නොදැවී ලකුණු 352 ක් ලබාගත්තේය. මෙය වයස 15 න් පහළ පිතිකරුවකු ලබාගත් තුන්වැනි ති‍්‍රත්ව ශතකයයි.

මීට පෙර, 1978 වසරේදී, කොළඹ ආනන්ද විද්‍යාලයේම සිසුවකුව සිටි, පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකායද වූ අර්ජුන රණතුංග හලාවත ශාන්ත මරියා විදුහලට එරෙහිව ලකුණු 315 ක් ලබාගත් අතර ඔහු එම තරගයේදී කඩුලූ 11 ක් ද දවාගැනීමටද සමත් විය.
වසර 2010 වසරේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ සංසන ප‍්‍රනාන්දු වයස 13 න් පහළ තරගයකදී බෝඹුවල මධ්‍ය මහා විදුහලට එරෙහිව ලකුණු 316 ක් ලබාගත්තේය.

ආනන්ද විදුහල රැස්කළ ලකුණු 550, වයස 15 න් පහළ , වැනි කොටසේ තරගයක ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වන අතර ලකුණු 494 ක ජයග‍්‍රහණයද 15 න් පහළ I වැනි කොටසේ තරගයකදී වාර්තා වූ දැවැන්තම ජයග‍්‍රහණයද වෙයි.

අද පැවැති තරගයේදී සමූ අෂාන් සහ ශාමල් හිරුෂාන් (නොදැවී 101) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 447 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. පිට දඟ පන්දු යවන සමූ අෂාන් ලකුණු 14 කට කඩුලූ 6 ක්ද දවා ගනිමින් ආනන්ද විදුහල දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කර දීමට සමත් විය.  

ආනන්ද විදුහල  ඕවර 50 යේදී කඩුලූ 3 ට 550
(සමූ අෂාන් නොදැවී 352, ශාමල් හිරුෂාන් නොදැවී 101, භාෂිත ඉලේපෙරුම 33, ප‍්‍රභාෂ් හංසමාල් 30)

ශාන්ත තෝමස් විදුහල  ඕවර 30 කදී සියලූ දෙනා දැවී 56
(සමූ අෂාන් 14/6, චමෝද් මධුසංඛ 6/2)

 



අදහස් (0)

15 න් පහළ පාසල් පිතිකරුගේ වාර්තාව සමූ අෂාන් (352*) හිමිකරගනී

ඒපියන් Wednesday, 05 June 2013 08:36 AM

මනුෂ, ලංකාව වටේ ඉන්න දක්ෂ දරුවන්ට තෝතැන්න තමයි ආනන්ද විද්‍යාලය , ඕක හැදුවේ දුප්පත් දක්ෂයන්ට.(නදී)

:       0       0

අසන්ක Wednesday, 05 June 2013 08:45 AM

සුභ අනාගතයක් !!! ඉදිරියේදී ජාතික කණ්ඩායමට එක්වීමට වරම් ලැබේවා! (නි)

:       0       0

ගාමිණී Wednesday, 05 June 2013 09:51 AM

මෙවන් දරුවන් හට මෙතැන් පටන්ම මනා පුහුණුවක් ලබා දීමෙන් අනාගත ක්‍රිකට් තරුවක් නිර්මාණය කල හැකියි.(නදී)

:       0       0

නිල්මිණි Wednesday, 05 June 2013 01:58 PM

අන්න මනුෂ අනුවණ කතාවක් කිව්වා,ඔය ළමයා ලංකාවේද? (නි)

:       0       0

මනුෂ අම්බලන්ගොඩ Tuesday, 04 June 2013 09:43 PM

සමු අශාන්, අම්බලන්ගොඩ දෙවනන්දෙන්, ආනන්දෙට ගත්තේ. මෙයාගේ නියම හිමිකරුවෝ අම්බලන්ගොඩ. (නදී)

:       0       0

කවීෂ Wednesday, 05 June 2013 10:06 AM

මනුෂ, අර්ජුනත් ආනන්දෙට ආවේ ගම්පහින්, මාර්වන් ආනන්දෙට ආවේ මහින්දෙන්,චන්දිමාල් අම්බලන්ගොඩින් මෙතැන මුලිකම දේ ආපු තැන නෙමේ. ආනන්දේ පහසුකම් එක්ක නිවැරදි පුහුණුව ලැබීමි, තරගකාරීත්වය බලපානවා. ලංකාවේ අනාගතයට බිහිවන තවත් තරුවක්. සුබ පතනවා දීප්තිමත් අනාගතයකට, අනික් පිලේ දරුවනි ඔබලා අධෙර්‍යමත් වෙන්න එපා. මෙම පරාජය තුලින් නැගී සිට ජයග්‍රහණය කරා පිය නගන්න. මේ හැමෝම දක්ෂයන්, රටේ සම්පත්. මොඋන්ට මානසිකව වැටෙන්න දෙන්න එපා.(නදී)

:       0       0

රෝහිත Wednesday, 05 June 2013 01:17 AM

නියමයි පුතා.ඔබ වැනි අයයි අපට අවශ්‍යය. තේරීම් කම්ටුව මොකද කරන්නේ මේ ළමයව අරගෙන පුහුනුව ලබා දෙන්න. මට විශ්වාසයි ඔහු ලාරා වගේ වෙයි අනාගතයෙදි. සුභ පැතුම් පුතා.(නදී)

:       0       0

මාධව Wednesday, 05 June 2013 11:25 AM

ස්තුතියි සහෝදරයා. ආනන්දයට සහෝදර නාලන්දාවෙන් උණුසුම් සුභ පැතුම් ! ආදී නාලන්දීය මැද පෙරදිග කන්ඩායම.(නදී)

:       0       0

කුමාරි Wednesday, 05 June 2013 06:46 AM

වෙළද දැන්වීම් වලට හසු නොවී නිහතමානී ගමනක් යාමට සුභ පැතුම්!(නදී)

:       0       0

සංජු Wednesday, 05 June 2013 07:12 AM

දක්ෂ ක්‍රීඩකයෙක්. සුබ පතනවා ඉදිරියේදී ජාතික කණ්ඩායමට රට කීර්තියක් අත්කර දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site