අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකු මිය ගියේ පානදුරේ පිරිසක් අලුත් අවුරුද්දට දෙහිඅත්තකණ්ඩියේ නෑ ගෙදරක ගොස් සෙවනපිටියේ තවත් නෑ ගෙදරකට යද්දී ය.
ඔවුන් අත්ට්‍රැක්ටරයකින් ගමන් කළ බවත්, තවත් තුවාලකරුවන් අට දෙනකු අරලගංවිල රෝහලට ඇතුළත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මිය ගිය අය අතර කාන්තාවන් සිව් දෙනකු ද, පිරිමි ළමයින් දෙදෙනකු ද, කුඩා ගැහැණු ළමයකු ද සිටින බවත් සිරුරු අරලගංවිල රෝහලේ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අවාසනාවන්ත සිදුවීමක්. (ත)
ගමෙන් ඇත දුර බැහැර ගිය මේ උදවිය මීට වැඩ සැලකිලිමත් විය යුතුව වැඩ කළා නම් මේ අනතුර වලක්වාගත හැකි වෙන්න තිබුණා.(ත)
සුකෝපභෝගී බස්, හයිලෙවල් පාරවල් ලංකාවේ ඉන්න කී දෙනාටද වැඩක් තියෙන්නේ. ඊට කලින් අපේ රටේ දුප්පත් කම නැති කරන්න ඕනි නේද? (නදී)
අවාසනාවක මහත (අ)
නිවන්සුව අත්වේවා (අ)
පව් අහිංසක මිනිස්සු (අ)
පිටිගල, ඔබට ලැබිය යුත්තේ "ජනාධිපති උපදේශක" තනතුරක්.(නදී)
රියදුරු මහතා මතට තිත තියලා නැද්ද? (නදී)
මෙවන් විපත් යලි නොඅැසේවා ! තුවාල උන පිරිසට ඉක්මන් සුවය, මියගිය සියලු දෙනාටම සසරේ උපදින තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ප්‍රර්ථනා කරන බෝදියකින් නිර්වාණය සාක්සාත් කරගනිත්වා ! (නදී)
යන්තම් ඇති.(නදී)
සුනේත්‍රා, එම තනතුර බන්දුලට දීල තියෙන්නේ.(නදී)