13වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැමති පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමා බලය රැක ගැනීමට රජය ක්‍රියාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියයි.
‘මේ මතවාදය යල්පැන ගියපු පැරණි මතවාදයක්. හරියට පරණ පාන් කනවා වගේ. ඉන්දියාව අපේ රටේ ජාතික සමගිය නැති කරමින් අපේ රටට මේ දේ බලෙන් පටවපු දවසේ ඉදලා මේ දේශපාලන මතවාදය තිබුණා. පාලක පක්ෂ සුළු දේශපාලන පක්ෂය හරහා තම බලය රැකගන්න 13වැනි සංශෝධනය කියන පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමනවා. අද මේ රජය කරන්නෙත් ඒ ටිකම තමයි. අරක ඕනෑ මේක ඕනෑ අරක එපා මේක ගේන්න කියලා කවුරුන් මොන විදියට කෑ ගෑහෑවුවත් ඉන්දියාව ඈඟිල්ල දික් කර ගමන් චණ්ඩි ටික සීරුවෙන් හිටගන්නවා. ජනාධිපතිතුමාගේ සොහොයුරා පසුගියදා ඉන්දියාවට ගියා. එතනදි ඉන්දියාව ඈගිල්ල දික් කරලා පුංචි තරවටුවක් දැම්මා. දැන් කට්ටිය සීරුවේන් කෝ කෑ ගහපු චන්ඩි? මොනවද අයින් කලේ? හෑබෑයි 13වෙනි සංශෝධනයෙන් පළාත් සභා වලට තියෙන දෙටත් වඩා එහාට ගිය එවා දෙන්න මේ අය පොරොන්දු වෙලා. එවා මොනවද කියලා කවුද දන්නේ? මෙ පළාත් සභා රටට බරක්. රටට කිසිම වෑඩක් නොකරන පළාත් මහා ඇමතිවරු නම දෙනෙක් ඇමතිවරු මන්ත්‍රිවරු නඩත්තු කරන්න මොනතරම් මුදලක් නිකරුනේ වැය වෙනවද? පළාත් සභා අහෝසි කරන්න ඕනි කියලයි අපි කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒක එදත් කිවුවා අදත් හෙටත් කියනවා.
2009 මැයි 19 වැනිදා යුද්ධය ඉවරකළ ගමන්ම අපි ජනාධිපතිට කිව්වේ බෙදුම්වාදි යුද්ධය ඉවර කළත් බෙදුවාදී දේශපාලන මතවාද කරලියට එනවා එවා නවත්වන්න දෑන් ක්‍රියා කල යුතුයි කියලා. නමුත් එතුමා කළේ තමන්ගේ දේශපාලන ගමන් මාර්ගය එළි පෙහෙළි කරගන්න එක විතරයි. අද මොකද වෙලා තියෙන්නේ?.
රටේත් ඉන් පිටතත් බෙදුම්වාදය ශක්තිමත් වෙලා. ඉන්දියාව ඇතුළු බටහිර රටවල් එවාට උල් පන්දම් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරලා උපරිම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර සමාජ සංහිදීව සහෝදරත්වය ඇති කළොත් පළාත් ඉන්දියාව තියා මොන ජගතටවත් අපේ රටට අත පොවන්න බැහැ. හැබැයි ඒ රටවල මිනිස්සුන්ට වඩා ඉහළ නිදහසක් ඉහළ අයිතිවාසිකම් අපි ලබා දෙන්න ඕනෑ.
එහෙම නෑතිව ජාතික ආරක්ෂාව කියලා විදුහල්පති වරුන් නර්නල්ලා බ්‍රිගේඩියර්ලා කරලා ගමක් ගමක් ගානේ හමුදා කදවුරු පෑටව් ගස්සලා මෙවා කොරන්න බෑහෑ.
අපි ඉන්දියාවට කියන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගෑන කතාකරන්න කලින් තමන්ගේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගෑන හොයලා බලන්න කියලා කන්න අදින්න දෙන්න කියලා. ලොකේ වැඩිම දුප්පතුන් ඉන්න රට ඉන්දියාව. පළාත් සභා වලට විරුද්දත්වය දක්වන ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා මැතිවරණ වලට ඉදිරිපත්ව මන්ත්‍රිධුර ලබාගන්නේ ඇයිදැයි එසෑණ කල විමසුමට පිලිතුරු දුන් සෝමවංශ මහතා මෙසේ පැවසීය. පළාත් සභා වලට අපි සුජාත භාවය ලබා දෙන්නේ නෑහෑ. මෙයින් ජනතාවට කිසිදු දෙයක් කළ නොහැකියි බව අපි ඇතුලේදීත් සිටත් ඉන් පිටදීත් නොබියව පවසනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මෙයාලා ඕකට විරුද්ධ වෙලා අපේ රටේ තරුණයෝ 60000 විතර බිලි ගත්තා. දැන් පරණ පාන් කෑල්ලලු. පරණ නිසා දැන් එක හොදක් ඇති නේ. ඕකට දාන්න ඕනේ ජනතා මුලා කිරීමේ පෙරමුණ කියලා.(නදී)
මෙන්න කතා කරන දෙයක් අහුවෙලා. කොහෙද මෙච්චර කල් හිටියේ ඔබතුමා.(නදී)
ඕකට සිංහලෙන් කියනේ කන පතේ පහරවනවා කියලා.(නදී)
පක්ෂේ මොනවා උනත් කතාව මසුරන් වටිනවා. අපි මේ වෙලාවේ පක්ෂ බේදයකින් තොරව රටේ වෙන විනාසය නවත්තන්න කටුතු කරොත් අපිට හොඳ අනාගතයක් ඇතිවේවි. (නදී)
අනේ සෝමේ අය්යේ.....දැන් නාකියි නේද. මොකක්ද මේ තණ්හාව.(නදී)
අමරසිංහ මහත්තයා අද තමයි ඇත්ත කිව්වේ මාත් කතාවට එකඟයි.(නදී)
අනේ මෙයාගේ බයිලා, පළාත් සබාව සුදු අලියෙක්. ඒක වෙනම කතාවක් එහෙනම් මෙයාලට කරන්න තිබුනේ පළාත් සභා වලට ඡන්දේ ඉල්ලන්නේ නැතුව ඉන්න. එක පළාත් සභාවක්වත් බේරගන්න බැරි උන තැන දැන් අර නරිය වගේ මිදී ඇඹුල් කියනවා. මේවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට.(නදී)
කතාව නම් ඇත්ත. එත් ඉතින් දැන් ඔබතුමාගෙ පක්ෂෙත් පරණ පාන් කැල්ලක් නේද? හපන්න බැරි, ගල් වෙච්ච ගුල්ලෝ ගහපු.(නදී)
මේ රටේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් දෙනවා නම් ඉන්දියාව හෝ වෙනත් බටහිර රටවල් පළාත් සභා තියාගන්න කියන්නේ නැහැ. පළාත් සභා කිසිම වැදගැම්මකට නැති නාස්තියක්. ඒක ඇත්ත. (නි)
තමන්නන්සේලා නේද මේ ආණ්ඩුව එදා ඉඳලම රැක ලැජ්ජයි.මිනීමරුවෝ,හොරු නේද අපිව පාලනය කරන්නේ. 4-5ට බැස්සත් තනියම සටන් කරන්ඩ පුරුදුවෙන්ද.(අ)
ලුම්බිණිලට සම අයිති වසකම් ලැබිල නැද්ද, ඕන තම ලැබිල තියෙනවා. පුලුවන්නම් අරාබියේ වැඩ කරන සිංහල අයට සම අයිති වාසිකම් ඉල්ලලා දෙන්නකෝ. ලංකාවේ හැම පළාතකම ඉන්න සිංහල අයට වගේම, මුස්ලිම් සහ දෙමල අයට සම අයිති වාසිකම් ලැබිල තියෙනවා, මොනවද ලැබිල නැත්තේ පුලුවන්නම් කියන්න. ඔයාලට ඕනේ වැඩි අයිති වසිකමක්, එකේනේ පුල්මුඩේ වලිටිකත් එයාලට අල්ල දෙවියෝ දුන්න කියල කියන්න. එයාලට මේකත් පර්කිස්තානයක්, ඇෆ්ගනිස්ථානයක් කරන තුරු සැනසීමක් නැහැ.(අ)
මේගොල්ලෝ ඔහොම කතා කලට අතීතයේ කරපු දේවල් කවදාවත් මකාගන්න බැහැ. හොඳ දර්ශනයක් ඇතුව ආවා නම් විප්ලව ඕනේ නැහැ. ඉන්න හොරු පන්නන්න.(නදී)
පරණ පාන් කෑල්ලේ කතාව කෙසේ වෙතත්, රටක උපදින හැම කෙනෙකුටම එම රටේ නීතියට ගරුකව එක හා සමානව ජිවත් වීමේ අයතිවාසිකම ලබා දිය යුතයි.(නදී)
13 ට මමත් විරුද්ධයි ඒ නිසා කරුණාකරලා ඔබ තුමා මේ ගැන කතා නොකර ඉන්නවද? ඔබතුමා මේ ගැන කතා කරන්න ගියොත් මෙයට විරුද්ධ අය අඩුවෙලා යයි. (අ)
මට අදහගන්න බැහැ මේ සෝමවංශ මහාත්තයාද කියලා. (නි)