රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ සේවය සදහා ශ්‍රී ලංකා නිලධරයන් විදේශ අමාත්‍යංශය හා අත්සන් කරන රැකියා ඔප්පුව අනුව වසර අවසානයේ 13 වැනි වැටුපක් ලබා දෙන බවට සදහන් වුවත් එම වෑටුප ඔවුන්ට නොලැබෙතියි ඔවුහු පවසති. තානාපති කාර්යාලයයේ සෙවය කරන ඉතාලි ජතිකයින්ට එම වැටුප ලැබෙතියි ද ඔවුහු කියති. තානාපති කාර්යාලයයේ සෙවය කළ සේවකයෙක් දැනටම ඉතාලි නීතියේ පිළිසරණ පතා තිබේ. එම නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ ඒ පිළිබදව සොයා බැලිය යුතු බවයි.
රැකියා ගිවිසුමේ 13 වැනි වැටුපක් දෙන බවට සදහන් කොට ඇත්නම් සේවකයන් ඒ පිළිබදව ඉල්ලීම් කළ යුතු යැයිද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ නිලධාරින්ගෙන් පුවතක්,මෙයාල වැඩ නැති වුනත් ආපුගමන් පඩි ගැන තමා හොයන්නේ. මෙයාලට ඕකට වඩා අසරණ වුන ශ්‍රී ලාංකිකයින් කොච්චර නම් ඉන්නවද?දෙන්නම එපා 13 පඩිය (නි)
මෙහෙ ඉන්න සමහරුන්ට කන්න බොන්නත් නෑතුව කෑරකෙනව මෙයාල 13 ඉල්ලනව මේ 13 හරි කරදරයක් මේක නේද ඔය උතුරටත් ඉල්ලන්නෙ.(නදී)
ඉතාලි ජාතිකයින්ට ගෙවලා අපේ සේවකයන්ට ගෙවීම පැහැර හැරීමට මා විරුද්ධයි. එහෙත් අපේ විදේශ අමාත්‍යංශය සමග තිබෙන ගිවිසුමක් සම්බන්ධව ඉතාලි නිතිය කොහොමද බලපාන්නේ කියන එක ගැටළුවක්. (නි)
අයියෝ සල්ලි
රජයේ අනුමැතිය නොමැතිව ගෙවන්න කියලා තානාපතිලට බලකරන්න පුළුවන්ද? ගොඩක් තානාපතිලා රජයේ මුදල් තමන්ගේ මනාපටය ගෙවන්න නියෝග කර සේවකයින් සමග ගැටුම් අති කරගන්නවා. මේවා අහුවෙන්න කරන්නෙත් නැහැ සාමාන්‍ය සේවකයින්ගේ පිටින් තමයි මේවා අන්තිමට යන්නේ. (නදී)