IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


13 වැනි වැටුප ලක් සේවකයන්ට නැතිලු

රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ සේවය සදහා ශ්‍රී ලංකා නිලධරයන් විදේශ අමාත්‍යංශය හා අත්සන් කරන රැකියා ඔප්පුව අනුව වසර  අවසානයේ 13 වැනි වැටුපක්  ලබා දෙන බවට සදහන් වුවත් එම වෑටුප ඔවුන්ට නොලැබෙතියි ඔවුහු පවසති.  තානාපති කාර්යාලයයේ සෙවය කරන ඉතාලි ජතිකයින්ට  එම වැටුප ලැබෙතියි ද ඔවුහු කියති.  තානාපති කාර්යාලයයේ සෙවය කළ  සේවකයෙක් දැනටම ඉතාලි නීතියේ පිළිසරණ පතා තිබේ. එම නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ  ඒ පිළිබදව සොයා බැලිය යුතු බවයි.

රැකියා ගිවිසුමේ 13 වැනි වැටුපක්  දෙන බවට සදහන් කොට ඇත්නම් සේවකයන් ඒ පිළිබදව ඉල්ලීම් කළ යුතු යැයිද ඔහු පවසයි.



අදහස් (0)

13 වැනි වැටුප ලක් සේවකයන්ට නැතිලු

නිල්මිණි Wednesday, 05 June 2013 06:19 PM

ඔන්න අපේ නිලධාරින්ගෙන් පුවතක්,මෙයාල වැඩ නැති වුනත් ආපුගමන් පඩි ගැන තමා හොයන්නේ. මෙයාලට ඕකට වඩා අසරණ වුන ශ්‍රී ලාංකිකයින් කොච්චර නම් ඉන්නවද?දෙන්නම එපා 13 පඩිය (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 June 2013 06:25 PM

මෙහෙ ඉන්න සමහරුන්ට කන්න බොන්නත් නෑතුව කෑරකෙනව මෙයාල 13 ඉල්ලනව මේ 13 හරි කරදරයක් මේක නේද ඔය උතුරටත් ඉල්ලන්නෙ.(නදී)

:       0       0

රකිත් Thursday, 06 June 2013 07:13 AM

ඉතාලි ජාතිකයින්ට ගෙවලා අපේ සේවකයන්ට ගෙවීම පැහැර හැරීමට මා විරුද්ධයි. එහෙත් අපේ විදේශ අමාත්‍යංශය සමග තිබෙන ගිවිසුමක් සම්බන්ධව ඉතාලි නිතිය කොහොමද බලපාන්නේ කියන එක ගැටළුවක්. (නි)

:       0       0

දිසානායක Thursday, 06 June 2013 08:49 AM

අයියෝ සල්ලි

:       0       0

පාලිත Thursday, 06 June 2013 03:16 PM

රජයේ අනුමැතිය නොමැතිව ගෙවන්න කියලා තානාපතිලට බලකරන්න පුළුවන්ද? ගොඩක් තානාපතිලා රජයේ මුදල් තමන්ගේ මනාපටය ගෙවන්න නියෝග කර සේවකයින් සමග ගැටුම් අති කරගන්නවා. මේවා අහුවෙන්න කරන්නෙත් නැහැ සාමාන්‍ය සේවකයින්ගේ පිටින් තමයි මේවා අන්තිමට යන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site