IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


13න් දුන් පොරොන්දුව ඉටු කිරීමෙන් රට දෙකඩ වෙනවා

(නිමල කොඩිතුවක්කු)

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට තෛපොංගල් දිනයේදී යාපනයට ගොස් ජනාධිපතිවරයා උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මගින් ඉතා කෙටි කාලයකදී රට දෙකඩ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

ඒ මගින් උතුරේ බෙදුම්වාදී, කුලවාදී, දේශපාලන නායකයන්ගේ අපේක්ෂා ඉටු වුවද උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.

රටේ සමස්ත ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත උපායමාර්ගික යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අසමත්ව තිබියදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විශේෂිතව විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රචලිත කරන එක් පක්ෂයක් සමග විශේෂිතව එකඟතාවන් ඇති කරගන්නා ආකාරයක් ද දක්නට ඇති බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (10)

13න් දුන් පොරොන්දුව ඉටු කිරීමෙන් රට දෙකඩ වෙනවා

කිරිපුතා Monday, 16 January 2023 07:52 PM

ජනවරමකින් තොරව ව්‍යවස්ථානුකූලව දැනට බලයට පත්වී ඇති ජනාධිපති තුමා දෙවරක් අගමැතිකම වසර 5 සම්පූර්ණ කරන්නට පෙර අහිමි කරගත්තේ කොටි හුරතල් කරන්න ගිහින්. දැන් නැවත ඒ සෙල්ලමම පටන් අරන්. ඔය මොනවා දුන්නත් ඒ මිනිසුන් වෙනස්වන පාටක් නෑ.

:       28       22

සුරංගොඩ Monday, 16 January 2023 07:56 PM

මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ඇතිකලේ ජනතා අවශ්‍යතාවක් නිසා නොව ලංකාවේ දියුණුවක් නොරිස්සූ රජිව් ගාන්ධිගේ අවශ්‍යතාව නිසා තමයි එම අවස්තාවේ ප්‍රශිද්ධ වුනේ එය ජනමතයක් මගින් අනුමත කරන්න ඕන කියලා නමුත් තවමත් එය ක්‍රියාත්මක කලේ නැහැ එනිසා ජනමතයක් මගින් අනුමත නොවුනොත් ක්‍රියාත්මක කිරීම නොකලයුතුය

:       14       22

Nimal Monday, 16 January 2023 08:00 PM

උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නම් උතුරේ මෙන්ම දකුණේත් දේශප්‍රේමිත්වයට මුවාවී රට දෙකඩ කිරීමට උත්සහ කරනාවූ අවස්ත්වාදී අන්තවාදී දේශපාලන කණඩායම් පරාජය කරමු

:       5       45

Kapila Monday, 16 January 2023 10:03 PM

උසි විමලේ උසි.......

:       3       7

chandima Tuesday, 17 January 2023 04:21 AM

මිනිස්සුන්ට කන්න නැතුව පන බේරගන්න දඟලනවා. මේගොල්ල මේ මගුලක් කියවනවා.

:       2       6

ranjith Tuesday, 17 January 2023 04:51 AM

තක්කඩි නායකයන්ගේ බලයේ ඉන්න තියෙන තණ්හාවට රට බෙදන්න කරන දේවල්.

:       2       4

Nayan Tuesday, 17 January 2023 06:30 AM

පණික්කයා නලාව ගහන්න පටන් අරන් වගේ.... ඡන්දේ ලඟයි නේ...

:       2       10

ashok Tuesday, 17 January 2023 08:44 AM

ජයග්‍රහණය ළඟාවෙද්දී එයට අකුල් හෙලපු අය කවුද කියලා මිනිස්සුන්ට තවම මතක්වෙලා නැහැ.

:       0       4

Kumara Tuesday, 17 January 2023 12:22 PM

මහමුහුදට අතාරින්න ඕනේ... අසමත්ජාතීන්...

:       0       0

Bamunuarachchi Tuesday, 17 January 2023 06:14 PM

හරියට හරි . අපි ඔබේ පැත්තේ, විරුද්දත්වය ප්‍රකාශ කරන්න. දෙමල ඡන්ද බලාපොරෝත්තුවෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site