IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


12000 කට ගමන් බලපත්‍ර දීලා

නීතී  විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින්  සදහා  සෞදි රජය විසින්  ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව රියාද් ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය හා ජෙඩා   නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය මගින්  ශ්‍රී ලාංකිකයින් 12000 කට පමණ  තාවකාලික  ගමන් බලපත්‍ර ලබා දී ඇතැයි බලධාරීහු පවසති.

 නැගෙනහිර කලාපයේ  දමාම්  අල්කොබාර්  හා  අනෙකුත් ප්‍රදේශයන්හි  750 කට අධික  පිරිසකට තාවකාලික ගමන් බලපත්‍ර මේ වන විට ලබා දී ඇති අතර  මේ මස 07 වැනි සිකුරාදා  අල් කොබාර් දමාම්  ප්‍රදේශයේ  ඇස්ටුන් රෝහල ඉදිරිපිට යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී  තව දුරටත් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කරන බව  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

කෙසේ වුවද ජුනි 15 වැනි දිනට පෙර සියලු අවතැන් වුවන්  තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලෙස දන්වා සිටී.

 මේ අතර  රියාද් තානාපති  කාර්යාලයයේ  අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පැවසුයේ  තාවකාලික ගමන්බලපත්‍ර ලබාගෙන පිටවීමේ වීසා  ලබා ගත්  සියළුම ශ්‍රී ලාංකියින්  ගුවන්ගමන්  ආරම්භක වේලාවට පැය පහකට කලින්  ගුවන්තොටුපළවලට ගොස්  අවතැන් වුවන් සදහා  වෙන් කැර ඇති  ආගමන විගමන කාර්යාල කවුළුව වෙත ගොස්   පොදු සමා කාලයට අනුව රටෙන් පිටවීම සදහා සුදුසුකම්  ලබා ඇති බව සනාථ කරන බවයි.

 කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්    තානාපති නිලධාරියකු  රියාද් කිං කාලිඩ් ගුවන්තොටුපළ පර්යන්තයේ රදවා සිටින බැවින්  යම් ප්‍රශ්නයක්  මතු වන්නේ නම් 0508179006 නැමැති  දුරකථන අංකයෙන්   අමතන ලෙසද දන්වා සිටී.

 මේ අතර  ජෙඩා කලාපයේ  කොන්සියුලර් කාර්යාලය මගින් ජෙඩා  ජාත්‍යන්තර  ගුවන්තොටුපළේ  කිසිදු නිලධාරියකු මේ වෙනුවෙන්  රදවා  නැති නමුත්  එවැනි ප්‍රශ්නයක් මතු වුවහොත්  0226065414 හෝ 0226063442 දරණ කාර්යාලීය අංක ඇමැතීමෙන්  සිය ප්‍රශ්නය විසදා ගත හැකි බව  ජෙඩා කොන්සියුලර් කාර්යාලය කියයි.

අවතැන්වුවන්ගේ වැඩි විස්තර ලබා ගැනීම සදහා 0114608232 හෝ 0114608235  රියාද් තානාපති කාර්යාලය අමතන මෙන්ද ඉල්ලා සිටී.

 



අදහස් (0)

12000 කට ගමන් බලපත්‍ර දීලා

සිසිර Thursday, 06 June 2013 06:19 PM

මම ගිවිසුම් කාලය සම්පුර්ණ කරලා තියෙන්නේ මගේ අනුග්‍රාහකයා මාව බලෙන් තියන් වැඩ ගන්නවා. කාට හරි පුලුවන්නම් මට ගෙදර යන්න උදව් කරන්න. 00966558481206. මම තානාපති කාර්යාලයට කතා කලා වැඩක් උනේ නෑ. (නදී)

:       0       0

විරාජ් Friday, 07 June 2013 02:31 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site