නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින් සදහා සෞදි රජය විසින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ජෙඩා නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය මගින් ශ්‍රී ලාංකිකයින් 12000 කට පමණ තාවකාලික ගමන් බලපත්‍ර ලබා දී ඇතැයි බලධාරීහු පවසති.
නැගෙනහිර කලාපයේ දමාම් අල්කොබාර් හා අනෙකුත් ප්‍රදේශයන්හි 750 කට අධික පිරිසකට තාවකාලික ගමන් බලපත්‍ර මේ වන විට ලබා දී ඇති අතර මේ මස 07 වැනි සිකුරාදා අල් කොබාර් දමාම් ප්‍රදේශයේ ඇස්ටුන් රෝහල ඉදිරිපිට යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී තව දුරටත් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කරන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
කෙසේ වුවද ජුනි 15 වැනි දිනට පෙර සියලු අවතැන් වුවන් තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලෙස දන්වා සිටී.
මේ අතර රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පැවසුයේ තාවකාලික ගමන්බලපත්‍ර ලබාගෙන පිටවීමේ වීසා ලබා ගත් සියළුම ශ්‍රී ලාංකියින් ගුවන්ගමන් ආරම්භක වේලාවට පැය පහකට කලින් ගුවන්තොටුපළවලට ගොස් අවතැන් වුවන් සදහා වෙන් කැර ඇති ආගමන විගමන කාර්යාල කවුළුව වෙත ගොස් පොදු සමා කාලයට අනුව රටෙන් පිටවීම සදහා සුදුසුකම් ලබා ඇති බව සනාථ කරන බවයි.
කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තානාපති නිලධාරියකු රියාද් කිං කාලිඩ් ගුවන්තොටුපළ පර්යන්තයේ රදවා සිටින බැවින් යම් ප්‍රශ්නයක් මතු වන්නේ නම් 0508179006 නැමැති දුරකථන අංකයෙන් අමතන ලෙසද දන්වා සිටී.
මේ අතර ජෙඩා කලාපයේ කොන්සියුලර් කාර්යාලය මගින් ජෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කිසිදු නිලධාරියකු මේ වෙනුවෙන් රදවා නැති නමුත් එවැනි ප්‍රශ්නයක් මතු වුවහොත් 0226065414 හෝ 0226063442 දරණ කාර්යාලීය අංක ඇමැතීමෙන් සිය ප්‍රශ්නය විසදා ගත හැකි බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය කියයි.
අවතැන්වුවන්ගේ වැඩි විස්තර ලබා ගැනීම සදහා 0114608232 හෝ 0114608235 රියාද් තානාපති කාර්යාලය අමතන මෙන්ද ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගිවිසුම් කාලය සම්පුර්ණ කරලා තියෙන්නේ මගේ අනුග්‍රාහකයා මාව බලෙන් තියන් වැඩ ගන්නවා. කාට හරි පුලුවන්නම් මට ගෙදර යන්න උදව් කරන්න. 00966558481206. මම තානාපති කාර්යාලයට කතා කලා වැඩක් උනේ නෑ. (නදී)
අයියෝ සල්ලි