IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


12 වැනි අදියරේ ශූරයා මාෂල්

ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ 12 වැනි අදියර ජය ගැනීමට ජර්මනියේ ආගෝස් ෂමනෝ කණ්ඩායම නියෝජනය කරන මාෂල් කිට්ල් සමත් විය. බි‍්‍රතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් එම අදියරේ දෙවැනි ස්ථානයත්, ස්ලෝවැකියානු ජාතික පීටර් සාගන් තෙවැනි ස්ථානයත් ලබා ගත්හ.

ප‍්‍රංශයේ ෆොගරස් සිට ආරම්භ වූ සවාරියේ 12 වැනි අදියර කිලෝමීටර 218කින් යුක්ත විය.

සමස්ථ තරගයේ තවමත් පෙරමුණේ සිටින බි‍්‍රතාන්‍යයේ කි‍්‍රස් ෆ්‍රෝම් කහ බැනියම තවදුරටත් තමන් සන්තකයේ රදවා ගත්තේය. ඔහුගේ කාලය පැය 47 මිනිත්තු 19 තත්පර 13ක් කි. ඔහුත් ප‍්‍රංශ සවාරිය දෙවරක් ජයගත් ඇල්බර්ටෝ කොන්තඩෝර්ත් අතර කාල පරතරය මින්ත්තු 3 තත්පර 54ක් පමණි.

”ලෝකයේම දක්‍ෂයා (මාර්ක් කැවෙන්ඩිෂ්) පරාද කරන්න ලැබුණ එක ගැන මට ආඩම්බරයි. තරගයට පෙර අපි හොදට සූදානම් වුණා. නමුත් මේක තමයි එය සිද්ධ වුණු විදිය. එය විශ්වාස කළ නොහැකි.” යනුවෙන් අදියර අවසානයේදී මාෂල් පැවසීය.

ප‍්‍රංශ සවාරියේ 13 වැනි අදියර ටුවර්ස් සිට සාන්ත අමන්ඞ් දක්වා කිලෝමීටර 173 ක් අද (12 වැනිදා) පැවැත්වේ.

සමස්ථ තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයෝ
01. කි‍්‍රස් ෆ්‍රෝම් (බි‍්‍රතාන්‍ය)
02. ඇල්ජැන්දෝ වැල්වර්ඬේ (ස්පාඤ්ඤය)
03. බූක් මොලේමා (නෙදර්ලන්තය)
04. ඇල්බර්ටෝ කොන්තඩෝර් (ස්පාඤ්ඤ)
05. රෝමන් රෙසිගර් (චෙකොස්ලොවැකියාව)
06. ලෝරන්ස් ටෙන් ඩෑම් (නෙදර්ලන්තය)
07. මයිකල් ක්වැත්කොව්ස්කි (පෝලන්තය)
08. නයිරෝ ක්වින්ටනා (කොලොම්බියාව)
09. රුයි කොස්ටා (පෘතුගාලය)
10. ජීන් කි‍්‍රස්ටෝපර් (ප‍්‍රංශය)
11. ජොකින් රොඞ්රිගුවස් (ස්පාඤ්ඤ)
12. ජේකොබ් ඩෙමර් (ඩෙන්මාර්කය)
13. ඩැනියල් මාර්ටින් (අයර්ලන්තය)
14. කැඩෙල් එවන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
15. මිකෙල් නේව් (ස්පාඤ්ඤ)

(ප‍්‍රංශ සවාරියට එක් වූ එරට ජනාධිපති ප‍්‍රංශුවා  ඕලන්ඞ් පාපැදි ලෝලියකට සිය සමරු අත්සන දෙමින්)



අදහස් (0)

12 වැනි අදියරේ ශූරයා මාෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site