’වෑලියේ සුරාජ්’ ඇතුළු දෙදෙනා රිමාන්ඩ් මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ’ගනේමුල්ලේ සංජීව’ නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු වන ’වෑලියේ සුරාජ්’ සහ හිටපු යුද හමුදා සෙබළා 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද (14) නියම කළේය. 14 September 2020
ලංගමේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුට ස්ථාන මාරුවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකාර වසන්ත එදිරිසංහ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ ප්‍රදේශය කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. 14 September 2020
පැය 24ක් තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් 300,000ක් කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ගත වූ පැය 24 ක කාලයේ දී වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 14 September 2020
‘එස් එෆ් ලොක්කා’ගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග වෙඩි තබා ඝාතනය කෙරුණු, අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ නමින් ඔහුගේ ඥාතීන් පස්දෙනෙකු ඇතුළු 10දෙනෙකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා දින 14 ක් ඇතුළත අනුරාධපුර පොලිසියට ලබා දෙන්නැයි, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 32ක කළමනාකාරීත්වයට අද (14) නියෝග කළේය. 14 September 2020
කොරෝනාවෙන් 13 වෙනියාත් මරුට ඩුබායි සිට මෙරටට පැමිණ ස්වසන රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත් කර සිටි රෝගීයා මිය ගොස් ඇත්තේ කොරෝනා වයිරසය වැළදීමෙන් බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා අද (14) පැවසීය. 14 September 2020
ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අනුරාධපුර දැයට කිරුළ පැවති ඔයාමඩුව ප්‍රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවි ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 14 September 2020
වනජීවි ඇමැතිගේ රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදු වූ වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි ඇමැති පැමිණි රැස්වීමට සහභාගී වීම තහනම් වීම හේතුවෙන් රැස්වීම පැවති වනාතවිල්ලුව පොලිසිය ඉදිරියට වී සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවිය. 14 September 2020
කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සමට විරෝධතා සඳහා නීතිපතිට කල් දෙයි බුවනෙකබා රජ සමයට අයත් බවට සැළකෙන කුරුණෑගල පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට ලබන නොවැම්බර් 12 වැනිදා තෙක් නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (14) නියම කෙරිණි. 14 September 2020
‘වෙලේ සුදා’ගේ මස්සිනා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අපරාධකරුවකු වන ‘වෙලේ සුදා’ නමැත්තාගේ මස්සිනා වන තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවා සිටියදී, ලබන 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය. 14 September 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 3000 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 14 September 2020
’20 වැනි සංශෝධනය ගැන කතාව වෙන පැත්තකට යනවා’ විසි වැනි සංශෝධනය පිළිබඳ කතාව වෙන පැත්තකට යන බව පෙනෙන්නට ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(14) පැවසීය. 14 September 2020
මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට කලින් පැවැති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බව ද එසේ කටයුතු කිරීමෙන් මැද පෙරදිග රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් ඇතිවේ යැයි බිය වූ බව ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (12) ප්‍රකාශ කළේය. 14 September 2020
සහල් ලොරිවල සඟවා පොළොන්නරුවේ සිට දකුණට ගිනිඅවි-උණ්ඩ පොළොන්නරුවේ සිට සහල් ලොරිවල සඟවා කොළඹ හා දකුණු පළාතේ අපරාධකරුවන්ට 2018 වසරේ සිට අවස්ථා කිහිපයක දී ගිනි අවි හා උණ්ඩ ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් තිදෙනකු විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් විසින් පෙරේදා (12) අත්අඩංගුවට ගනු ලැබූ බව එම බළකාය කියයි. 14 September 2020
තිරියායේ කැලෑවකින් අ’පුර යුගයට අයත් නටබුන් හමුවෙයි ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරියාය අත්තික්කාඩු ප්‍රදේශයේ කුඹුරු යායකට යාබද කැලයේ තිබී අනුරාධපුර යුගයට අයත් ආරාම සංකීර්ණයක නටබුන් හමු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 September 2020
අටළුගම ඇසිඩ් බූලි සැඟවීමේ තවත් රහස් එළියට බණඩාරගම අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබී පොලිස් භාරයට ගත් නයිට්‍රික් ඇසිඩ් සැකකරුවන් විසින් මිලදී ගනු ලැබ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ඇසිඩ් මිලදීගත් වෙළෙඳසල් දෙකකින් බවට මේ වනවිට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 14 September 2020
මංගලගෙන් පැය එකහමාරක් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගෙන් අද(14) උදෑසන පැය එකහමාරක කාලයක් ප්‍රශ්න කළ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 14 September 2020
ළමා නිවාසයෙන් පළා යමින් සිටි දැරියෝ 5 ක් සොයා ගනිති ආඩිගම ළමා නිවාසයක නේවාසික බාලවයස්කාර දැරියන් පස් දෙනෙකු අද (14) අලුයම ළමා නිවාසයෙන් පළා යමින් සිටියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි. 14 September 2020
බූස්සේ රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂිත ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නිරතව සිටි ඉතිරි රැඳවියන් 13 දෙනා ද ආහාර ලබා ගැනීම හේතුවෙන් එම වර්ජනය අවසන් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 14 September 2020
කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුකැලේ ගම්මානයේ ජීවත්වන පවුල් 72ක් විදුලිය බලය නොමැති නිසා අන්ත දුෂ්කර ජීවිතයක් ගත කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. විදුලිය බලය නොමැති හෙයින් එම ගම්මානයේ ජීවත්වන සිඟිති, තුරුණු, වැඩිහිටි සියලු පිරිස්වලට කුදු මහත් අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන්නේ කුප්පි ලාම්පු එළියෙන් බවත් ලාම්පු තෙල් සොයා ගැනීමට නොහැකි වූ විට මුළු ගම්මානයම අන්ධකාරයෙන් වැසී යන බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය 14 September 2020
ළමා නිවාසයෙන් පලා ගිය දැරියන් දෙදෙනා පොලිසිය බාරයට අධිකරණ නියෝග මත වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ගැහැනු දරුවන් දෙදෙනෙකු එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයෙන් පලා යමින් සිටියදී අද(14) පොලිසිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 14 September 2020
තේ කොළවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ කම්හලක් වටලයි තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙලම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමඟ විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 275ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 14 September 2020
’’ආමි කමල්’’ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ’’ආමි කමල්’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනකු හෙරොයින් මත්කුඩු සහ හමුදා නිල ඇඳුම් සමඟ වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේ දී අද (14) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි . 14 September 2020
අඹකදවිලිනුත් නිරෝධායන වෙමින් සිටි අයෙක් පළා යයි හලාවත අඹකදවිල සංචාරක හෝටලයක පවත්වා ගෙන යන කොරෝනා රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට රඳවා සිටි පුද්ගලයකු අද (14) අලුයම එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 14 September 2020
ලෝක චර්ම රක්ත දිනය අදයි ලෝක චර්ම රක්ත දිනය අද (14) ට යෙදේ. ලෝක චර්ම රක්ත දිනය මේ වසරේ සමරනු ලබන්නේ තෙවැනි වතාවටය. 14 September 2020
‘‘ලඩියට‘‘ අයත් කෝටි එක හමාරක් බස් රථ 3 ක් සොයා ගැනේ ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් ’’ලඩියා’’ නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද (13) පොලිස් භාරයට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි. 13 September 2020
ආහාර වර්ජනය කරන රැඳවියන් ගණන 13 ට බසී ඉල්ලිම් හයක් මුල්කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් 10 වැනි දින සිට ආරම්භ කර ඇති ආහාර වර්ජනය අද (13) සවස වනවිටද ක්‍රියාත්මක බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 13 September 2020
කොවිඩ් ආසාදිතයින් 24 ක් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (13) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3219 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 13 September 2020
‘‘පළාත මාරු වන විට නව අංක තහඩු ගන්න අවශ්‍ය නෑ ‘‘ පළාත මාරු වන විට වාහන සඳහා නව අංක තහඩුවක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 13 September 2020
බස් රථ පැමිණිලි වෙනුවෙන් ජංගම දුරකතන යෙදවුමක් අපරීක්ෂාකාරීව බස් රථ ධාවනය කිරීම ඇතුලු බස් රථ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ‘බෑඩ් බස්’ නමින් නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 13 September 2020
20 නව යෝජනා සහිත ගැසට් පත්‍රයක් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ගෙන ආ යෝජනා සහිත ගැසට් පත්‍රය වෙනුවට එහි අඩුපාඩු සකසා ගෙන එන නව යෝජනා සහිත ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවැසීය. 13 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026