IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


'පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි'

(සුජිත් හේවාජුලිගේ)

සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා  පැවැසීය.

පාර්ලිමේන්තුවක සැසිවාර   මෙයට පෙර අවසන් කරනු ලැබුවේ  අසාමාන්‍ය තත්වයක්  ඇතිවූ අවස්ථාවන්හිදී  බවද හෙතෙම සඳහන් කළේය.

යාපා මහතා  මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්වීමත් සමග එහි සියලු කමිටුද  අහෝසි වන හෙයින් ඒවා අලුතින්  පිහිටුවීමට සිදුවන බවත්   එම  කමිටු හරහා කරගෙන ආ වැඩපිළිවෙළේ රිද්මයට  ඒවා  අලුතින් පිහිටුවීමේදී පැහැදිලිවම බාධා මතුවන  බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඕනෑම රටක විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බවද  අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද  එය ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැනවින් සිතා බලමින් බව පැවසූ මන්ත්‍රීවරයා අතීතයේ ජනතාව මෙන් නොව  විසි එක් වෙනි ශත වර්ෂයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය  මෙන්ම කියවීම සාපේක්ෂව වෙනස් බවද සඳහන් කළේය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙසද  කටයුතු කළේය.



අදහස් (12)

'පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි'

fairoos Tuesday, 14 December 2021 02:59 PM

එහෙනම් සර්ගේ තවත් ගැසට් එකක් රිවස් ද ?

:       4       29

ලමය Tuesday, 14 December 2021 05:09 PM

මේවා කියවන්නෙ ඇමතිකමක් නැති හින්දා

:       3       7

Hafeel Wednesday, 15 December 2021 06:44 AM

අනිවාර්යෙන්ම. සහතික ඇත්ත.

:       0       0

සලීම් Tuesday, 14 December 2021 05:40 PM

මෙයාට ආණ්ඩුවේ තාන්නමාන්න මුකුත් ලැබුන්නැති නිසා ආණ්ඩුව සමස්ත රටේ ජනතාවම අපාගතකරලා තියෙන එක දැක දැක බොරුවට ජනතාවගේ පැත්තට කතාකරනවා. නැත්තම් මේගොල්ලෝ ඔක්කොම එක කල්ලියේ හොරු. අපි රැවටෙයි ඕවාට.

:       6       11

Perera Tuesday, 14 December 2021 11:20 PM

ජනතාව 2/3 දුන්නා. 20 සම්මත කර ගත්තා. කොයිකවුරුත් ඒකට අත් ඉස්සුවා. දැන් ඔන්න ප්‍රතිඵල එන්න පටන් අරන්... මීට වඩා හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ඉස්සරහට.

:       0       1

Shan Tuesday, 14 December 2021 11:27 PM

අර කළුතර විමලේ වගේ වෙන්නේ නැතිව කියනවා නම් එළියට බැහැලා මිනිස්සු එක්ක ඉඳගෙන කතා කරන්න කළින්... බඩ ගැනම හිතන්න එපා.

:       0       0

Demuni Uduwara Wednesday, 15 December 2021 04:18 AM

ඒ අඩුපාඩු වලට බෙහෙත් නෑ!

:       0       0

මොට්ටපාල Wednesday, 15 December 2021 05:43 AM

යහපාලනය කාලයේ හොදින් වැඩ කල තමුන්නැහැහෙට වෙල්ගම මැතිතුමාට තරම් මොළයක් තිබිල නැහැ ඒකනේ කැලේ හිටපු නයෙක් රෙද්ද අස්සෙ දාගෙන දැන් කෑගහන්නෙ.පේනවා නේද වෙල්ගම මැතිතුමා කියපුදේ දැන් සත්‍ය වෙලා කියලා දැන්වත් ඇත්ත තේරුම් අරගෙන රටට සේවයක් කරන්න බැරිනම් අස්වෙලා යන්න

:       0       2

Premasiri Wednesday, 15 December 2021 07:30 AM

නිකන් රටේ සල්ලි ටික වියදම් කරගෙන ඔය හරක් ටික නඩත්තු කරනවට වඩා හොදයි ඒක අවසන් කරපු එක .එන අවරුද්දෙ යුද්ධ හමුදාවට භාර දුන්න නම් ඉවරයි කාළකන්නි සෙට් එකම ගෙදර තියල ,මුන් එතනට ඇවිත් කාලා බීලා ,කැරම් ගහල විනෝද වෙලා යන්නනෙ එන්නෙත්

:       0       0

Chinthaka Wednesday, 15 December 2021 09:45 AM

හොදයි ඔවුන් 225 කට කන්න දීලා පිස්සු කතා කියවන්නට වියදම් කරනවට වඩා

:       0       0

Ratne Wednesday, 15 December 2021 12:02 PM

සිදුකර ඇති සහ සිදු කිරිමට නියමිත ජනතා විරෝධී වංචනික ක්‍රියා පිලිබදව ප්‍රශ්න කිරීම වැලැක්වීමට පාර්ලිමේන්තු සැසිවාරය වසන් කර මාසයකටත් වැඩි කාලයක් නොරැඳවීම, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බියගුලු ක්‍රියාවකි. මෙමගින් මෙතෙක් පැවැති කමිටු අහෝසි වීමෙන් රාජ්‍ය මුදල් හිතා මතාම නාස්තියක් ද සිදුකර ඇත.

:       0       2

Mahinda weerasinghe Thursday, 16 December 2021 06:26 AM

බණ්ඩාරනායක පවුලෙ තාත්තා අම්මා දුව අගමැතිලා ජනපති වෙලා තිබු වාර්තාව බිදහෙලිමට රාජපක්ෂ සමාගම උස්සහ කරමින් රටේ ආර්ථිකය බින්දුවට ඇදදමා ජනජිවිත විනාශ කරමින් සිටින වෙලාවක පාර්ලිමෙන්තුව රැස්කිරිම මසකට කල් තැබුවෙ දුර්වල පාලනය නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site