
(සුජිත් හේවාජුලිගේ)
සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවක සැසිවාර මෙයට පෙර අවසන් කරනු ලැබුවේ අසාමාන්‍ය තත්වයක් ඇතිවූ අවස්ථාවන්හිදී බවද හෙතෙම සඳහන් කළේය.
යාපා මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්වීමත් සමග එහි සියලු කමිටුද අහෝසි වන හෙයින් ඒවා අලුතින් පිහිටුවීමට සිදුවන බවත් එම කමිටු හරහා කරගෙන ආ වැඩපිළිවෙළේ රිද්මයට ඒවා අලුතින් පිහිටුවීමේදී පැහැදිලිවම බාධා මතුවන බවත් මන්ත්‍රීවරයා කීවේය.
ඕනෑම රටක විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේය.
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද එය ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැනවින් සිතා බලමින් බව පැවසූ මන්ත්‍රීවරයා අතීතයේ ජනතාව මෙන් නොව විසි එක් වෙනි ශත වර්ෂයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය මෙන්ම කියවීම සාපේක්ෂව වෙනස් බවද සඳහන් කළේය.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
COMMENTS
එහෙනම් සර්ගේ තවත් ගැසට් එකක් රිවස් ද ?
මේවා කියවන්නෙ ඇමතිකමක් නැති හින්දා
මෙයාට ආණ්ඩුවේ තාන්නමාන්න මුකුත් ලැබුන්නැති නිසා ආණ්ඩුව සමස්ත රටේ ජනතාවම අපාගතකරලා තියෙන එක දැක දැක බොරුවට ජනතාවගේ පැත්තට කතාකරනවා. නැත්තම් මේගොල්ලෝ ඔක්කොම එක කල්ලියේ හොරු. අපි රැවටෙයි ඕවාට.
ජනතාව 2/3 දුන්නා. 20 සම්මත කර ගත්තා. කොයිකවුරුත් ඒකට අත් ඉස්සුවා. දැන් ඔන්න ප්‍රතිඵල එන්න පටන් අරන්... මීට වඩා හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ඉස්සරහට.
අර කළුතර විමලේ වගේ වෙන්නේ නැතිව කියනවා නම් එළියට බැහැලා මිනිස්සු එක්ක ඉඳගෙන කතා කරන්න කළින්... බඩ ගැනම හිතන්න එපා.
ඒ අඩුපාඩු වලට බෙහෙත් නෑ!
යහපාලනය කාලයේ හොදින් වැඩ කල තමුන්නැහැහෙට වෙල්ගම මැතිතුමාට තරම් මොළයක් තිබිල නැහැ ඒකනේ කැලේ හිටපු නයෙක් රෙද්ද අස්සෙ දාගෙන දැන් කෑගහන්නෙ.පේනවා නේද වෙල්ගම මැතිතුමා කියපුදේ දැන් සත්‍ය වෙලා කියලා දැන්වත් ඇත්ත තේරුම් අරගෙන රටට සේවයක් කරන්න බැරිනම් අස්වෙලා යන්න
නිකන් රටේ සල්ලි ටික වියදම් කරගෙන ඔය හරක් ටික නඩත්තු කරනවට වඩා හොදයි ඒක අවසන් කරපු එක .එන අවරුද්දෙ යුද්ධ හමුදාවට භාර දුන්න නම් ඉවරයි කාළකන්නි සෙට් එකම ගෙදර තියල ,මුන් එතනට ඇවිත් කාලා බීලා ,කැරම් ගහල විනෝද වෙලා යන්නනෙ එන්නෙත්
හොදයි ඔවුන් 225 කට කන්න දීලා පිස්සු කතා කියවන්නට වියදම් කරනවට වඩා
සිදුකර ඇති සහ සිදු කිරිමට නියමිත ජනතා විරෝධී වංචනික ක්‍රියා පිලිබදව ප්‍රශ්න කිරීම වැලැක්වීමට පාර්ලිමේන්තු සැසිවාරය වසන් කර මාසයකටත් වැඩි කාලයක් නොරැඳවීම, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බියගුලු ක්‍රියාවකි. මෙමගින් මෙතෙක් පැවැති කමිටු අහෝසි වීමෙන් රාජ්‍ය මුදල් හිතා මතාම නාස්තියක් ද සිදුකර ඇත.
බණ්ඩාරනායක පවුලෙ තාත්තා අම්මා දුව අගමැතිලා ජනපති වෙලා තිබු වාර්තාව බිදහෙලිමට රාජපක්ෂ සමාගම උස්සහ කරමින් රටේ ආර්ථිකය බින්දුවට ඇදදමා ජනජිවිත විනාශ කරමින් සිටින වෙලාවක පාර්ලිමෙන්තුව රැස්කිරිම මසකට කල් තැබුවෙ දුර්වල පාලනය නිසා