(ෂේන් සෙනෙවිරත්න)
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි.
අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සිසුවා මුහුණ දුන් බිහිසුණු සිදුවීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අම්පිටිය ප්‍රදේශයේ කාලයක සිට ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම බිහිසුණු ක්‍රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන ප්‍රදේශවාසීන් මැර කල්ලියට ඇති බිය නිසා සිසුවා ගේ පවුලේ උදවිය ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමක් සිදු නොකරන බවට ද චෝදනා කර සිටි.
හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.
COMMENTS
ඇයි IGP ට මේවා පෙනෙන්නේ නැත්තේ?
කාලකන්නි
මුලින්ම පොලිස් බල්ලන්ව එල්ලලා ඉන්න ඕනේ. රටකට ගිය කලක් කන්න නැතුවා මදිවට පරාන බයත් ඇවිල්ලා.
මෙවගෙ සිදුවීම් සම්බන්වද විශේෂ විමර්ශනයක් කරල කෙටි ක්‍රමවෙදයකින් දඩුවම් ලැමට විව්‍යවාස්ත සන්ශෝඩදන කල යුතුයි ලමයෙකුට ඉගෙන ගන්න තරම්වත් නිදහසක් නැති තත්වයක් කියන්නෙ අපි ඉන්නෙ කොහෙද සොරකමක් මන්කොල්ලයක්නම් හිතාගන්න පුලුවන් එත් මෙ ලමයගෙ ප්‍රතිපලය කාටවත් ගන්නද අනිවර්යෙන්ම මෙක ඔය මැර කල්ලියට කවුරැ හරි බාරදීපු කොන්ත්‍රත්තුවක් වෙන්න ඇති.
මෙවැනි තිරිසනුන් මට්ටුු කරන්න රටේ නීති නෑනෙ. ස්ථානීය දඬුවම් ලබා දීමට නීතිය ක්‍රියාත්මක කරන අය වග බලාගනිත්වා !
අනිවර්යෙන්ම දේසපාලු ගස් ගෝනෙක් සම්බන්ද ඇති.
දෙයියනේ, පොලිසියෙන් ජනතාව බෙරා දෙන සේක්වා!!!
මෙවන් පුවත් අසන්නට, කියවන්නට ලැබීමම මොනතරම් අවාසනාවක් ද! ඒ නරැමයන්ට උපරිම දඩුවම් දෙනු. මැර ප්‍රහාරයට ලක් වූ දිරිමත් සිසුවාට ඉක්මන් සුව පතමු.
කෝ මේ ආරක්ෂක ඇමති, පොලිස්පති නිදිද ? මේ අපරාධ කල්ලිය ගැන පොලීසිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? මේ කල්ලිය ගැන තොරතුරු දැනගැනීමට සැලැස්වීම කළත් පොලීසිය ක්‍රියාත්මක නොවූයේ මන්ද ? මෙවන් අපරාධ කල්ලි මෙවැනි සාහසික අපරාධ සිදු කරන්නේ නම්, රටට ආරක්ෂක ඇමති වරයෙකු හා පොලිස්පති ඇතුළු පොලීසියක් කුමටද ? අද පොලීසිය ක්‍රියාත්මක වන්නේ ඇතැම් දේශපාලකයන්ගේ වහලුන් හැටියට නොවේද ?
oh police "හෙරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකරමින් සිටින බවත් ඔවුන් පිළිබඳ කෙතරම් පොලිසියට තොරතුරු ලබා දුන්නත් පලක් නොවන බවත් තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති." අපි බදු ගෙවල, බිල් වැඩිපුර ගෙවල, බදු හට හුටහමාරක් ගෙවල මේ ඉන්න නිලධාරින් ගේ පඩි ගෙවන්නේ. පොලිසියේ ඉන්න කබ්බෝන් ට මාසෙට කුට්ටිය එනවා ඇති. STF ,එකට දෙන්න තමා තියෙන්නේ
තොරතුරු ලබා දෙන්නන් ගෙ තොරතුරු අපරාධ කරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කර සිටීති.--Shame you police.
ඔය පලාතෙ SDIG, SSP, ASP, SSI, SI, HQ කියල නිලතල දරන නිලධාරින් ඉන්නවනෙ. ඒ්ල්ලො ඔක්කොම් නිදාගෙනද ඉන්නෙ. ඒහෙමත් නැතිනම් උන්ගෙ සල්ලිවලින් ඔවුන් නඩත්තුවෙනවාද කියන එක අපි දැන ගන්ට කැමති. දැන් IGP කියල එකෙක් ඉන්නව මෙලො රහක්නැති.
බොහෝදුරට මෙ සිදුවිම වෙන්න ඇත්තෙ ඉර්ශාවට. එහෙම අමනයො අපෙ රටෙ ඔනෙ තරම් ඉන්නව. වඩිපුරම ඉර්ශ්‍යා කරන්නෙ නෑදෑයො.
දැන් එතකොට පොලිසිය දන්නෙම නැද්ද මේ ගමේ මැර කල්ලියක් මිනිස්සුන්ගේ ජීවිතවලට හිරිහැර කරනවා කියලා..? පෝස්ටරයක් අල්ලගෙන ඉන්න නිරායුධ මිනිස්සුන්ව සත්තු වගේ කුදලාගෙන යන්න විතරයිද? මේ කියන මැර කල්ලිය පොලිසිය බලු පැටව් කරගෙන කියලද මේකෙන් ඔප්පුකරන්නේ?
ගම්වසින්ට මෙම උවදුර පිලිබදව අපරාද පරික්ෂන දෙපාර්තුමේන්තුවට දැන්විය හැකිය පොලිස්ප්තිටද දැන්විය හැකිය අනිවර්යෙන්ම පියවර ගනු අත. ඔවුන් වෙනුවෙන් අප පියවර ගනු ඇති අපි බලමු.
අම්පිටියේ මිනිස්සු එකතුවෙලා ඕකුන්ව මරල දාන්න, කාලකන්නි.
මොන තරම් නින්දිත වැඩක්ද අහිංසක දක්ෂ දරුවෙකුට මෙහෙම කරන්න පුලුවන්ද අමනුශ්ශයෙකුට මිසක්.මේක ඉරශියාවට මැරයින්ට දීපු කොන්තරත්තුවක් වගේ , පොලිසිය මුන්ගෙන් යැපෙන අය .
පොලිස් ඇමැතියයි, දේශබන්දුවයි, රාජපක්ෂ නඩයි, බටලන්දයි... අරගලකරුවන් මට්ටු කර කර බලේ ඉන්න හදනවා...රටම අනතුරේ ඔන්න ඕක තමයි පිටරටින් කිව්වේ ලංකාවේ පොලිසිය දේශපාලනීකරණය වෙලා ඒක නැවත ක්‍රමවත්ව හදන්න ඕනෑ කියලා.. දේශපාලකයින් තමයි හොර පොලිසියත් එක්ක එකතුවෙලා රට විනාශ කරන්නේ...
මේකේ මොකක් හරි අව්ලක් තියනවා අපිත් ඔය කිට්ටුව තමයි මේ කියන විදිහේ මැර කල්ලියක් නම් අපි දන්නේ නැ . එහෙම හිටියනම් ඕකුන්ව ගෙනල්ල දෙකක් දීලා වැවට දානවා. මේක වෙන ගේම් එකක් .හෙට අනිද්දට ඇත්ත එලියට එයි . එහෙම නැත්නම් මුන් අම්පිටිය වෙන්න බැ. වෙන කොහේ හරි අස්සක ඉන්න ගන්කබරයෝ වෙන්න ඕනේ
යුද්දෙ කලේ ත්‍රස්තවාදීන්ට ඒකට සල්ලි දෙන්න සම්බන්ධ උනෙ මිනිහෙක් පොලිස් අමති උනාම වෙන මොනව බලපොරොත්තු වෙන්නද? මෙ කලකන්නි රට නැතිම කරල තමයි පස්ස බලන්නෙ. රටෙ ජනදිපතියත් මාලිගාවෙ පූල් එකේ නාපු උන් අල්ලනව, ඒ්ත් මෙව පෙන්නෙෑ.
පිටරටින් ගෙන්වන වැඩ වැඩි කරන්න පොලිසියට සිද්ධ වෙනවා.'අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු'
ලෝකයේ කොහේ හරි අවුරුදු දාහකට සැරයක් සිද්ධ වෙන දේවල් තමයි අද අපේ රටේ දිනපතාම අහන්න දකින්න ලැබෙන්නේ .ජාතික ආරක්ෂාවට වග කිව යුත්තන් කොහෙද?
මෙව්වා දැක්කාම වගකිව යුත්තන්ගේ බෙල්ලේ එල්ලිලා ඔලුව හප්පන්නමයි හිතෙන්නේ...!
පොලිසිය මේ හැමදේම ගැන දැනුවත්. ඒත් වැඩක් නෑ.
නාන තටාකයේ නාපු කෙනාව හොයාගන්න පුළුවන්...
රටේම තියෙන පොලීසිය අරගල කරුවෝ මර්දනය කරන්ඩ යවනවා.රටේ සිදුවන අමානුෂික ,අපරාධ වැඩ ගැන සෝදිසියෙන් ඉන්ඩ බැරි ඇයි. පොලිස්පපතිතුමාගේ අවදානය පිණිසයි .
මුන් අර හරක් රැලට ගිනි තියන්නෙ නැතුව මොනවට මෙ අහිංසක දරුවට ගිනිතිබ්බද?