අසුන්තා එදිරිසූරිය
1979 වසරේ දී පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ දා සිට වසර තුනක් වැනි කෙටි කාලයක දී (1982) කියුබාව ඩෙංගු මර්දනය 99%කින් සාර්ථක කර ගත්තද වසංගත තත්ත්වයෙන් පැතිරී යන ඩෙංගු මර්දනය කිරීමට මෙරට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.
මීට වසර කිහිපයකට පෙර බීටීඅයි බැක්ටීරියාව කියුබාවෙන් ගෙන්වා ඩෙංගු මර්දනය කිරීමට බලධාරීහු උත්සාහ කළහ. එම වෑයම උපන් ගෙයිම් මියැදුනේ ප්‍රායෝගිකව කිසිදු යාන්ත්‍රික වැඩපිළිවෙලක් නොමැති නිසා බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
‘‘බීටීඅයි බැක්ටීරියාව ආනයනය කර මාධ්‍ය සංදර්ශන පවත්වා බැක්ටීරියාව හිතෙන හිතෙන තැන් වලට යෙදුවා. ඒත් ඒ වෙනුවට කළ යුතුව තිබුණේ පුහුණු ශ්‍රමිකයන්, අඛණ්ඩ සැපයුම ආදී කොටස් කෙරෙදි සැළකිල්ල යෙදවීමයි.‘‘
‘‘මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවලට අඛණ්ඩව බැක්ටීරියාව යෙදවීමයි.‘ යයි ද වෛද්‍ය බණ්ඩාර මහතා පැවසීය.
නමුත් අප රටේ ඩෙංගු මර්දනය වෙනුවෙන් ලොව අනෙක් රටවල් ඩෙංගු මර්දනය සඳහා යෙදා ගත් කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක වි නැතැයි ද වෛද්‍යවරයා පැවසීය.
COMMENTS
මොන බැක්ටීරියාද හලෝ පැපොල් කොළ කකා ඉන්න කියන්න.
ඩෙංගු මදුරුවන් බෝවන තැන් ගෙනාවත් නිසි දැනුමක් නැති මේ වගේ උදවිය නිසා තමයි ඩෙංගු මර්දනය කරන්න බැරී. ඩෙංගු මර්දනයට හොදම දේ බෝවන තැන් ඉවත් කිරීම නොවේද ඉවතලන භාජන වලට හැමදාම බැක්ටීරියා දානවට වඩා ඒවා අයින් කරන්න පුළුවන් නේද
භාජන වලටයි, කානු වලටයි, ටයර් වලටයි හැමදාම බැක්ටීරියා දාදා ඉන්න එක ප්‍රායෝගික නැහැ නේ...