IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


කේ.පීට එරෙහි පෙත්සම විසිවෙයි

(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

කොටි සංවිධානයේ ප‍්‍රධාන අවි ආයුධ සැපයුම්කරු සහ ජාත්‍යන්තර අංශයේ නායකයා වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීමට නියම කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය අද(4) නිශ්ප‍්‍රභ කළේය.

මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය අදාළ පෙත්සම නිශ්ප‍්‍රභ කළේය.

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නමැත්තාට රටින් පිටවීම වළකාලමින් අභියාචනාධිකරණය මීට පෙර අවස්ථාවක අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.

මෙම පෙත්සම ඇල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා, පොලිස්පතිවරයා සහ ආගමන විගමන පාලකවරයා නම් කොට ඇත.

කේ.පී. නමැත්තා මේ වන විට කිලිනොච්චිය ප‍්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන බවද ඔහු අත්අඩංගුවට ගෙන අදාළ අපරාධයන් සඳහා නඩු පවරන ලෙස මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර විජිත හේරත් මහතා කේ.පී. රටින් පිටවී පළායෑමට ඉඩ ඇති බැවින් ඔහුට රටින් පිටවීම වළකාළමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.



අදහස් (2)

කේ.පීට එරෙහි පෙත්සම විසිවෙයි

darshana Monday, 04 December 2017 12:38 PM

රන්ජන් රාමනායක ඔබ කොහිද?

:       0       103

Hafeel Monday, 04 December 2017 01:20 PM

මරුනේ..., කේ.පී. ටත් යහපාලනේ වැඩකරනවා වගේ..

:       1       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 193 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1056 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site