
(යොහාන් භාසුර)
නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 6 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වැලිපරයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය වීමෙන් පසුව පරීක්ෂාවට කළ බවත් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට යාත්‍රාවක් පැමිණෙන තෙක් රැඳී සිටි බවට සැක සහිත වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවක් සහ වයස අවුරුදු 18 ට අඩු තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු එහිදී භාරයට ගත් බවත් නාවික හමුදාව කීය.
එම පිරිස වව්නියාව සහ මොරවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගත් බව කී නාවික හමුදාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් තලෙමන්නාරම පොලිසිය භාරදුන් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නන්දසේනත් මෙතන ඉන්නවද?