(ඩයනා උදයංගනී)
දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.
මින් වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 1,777කට අයත් 6,218 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ අතරින් අවතැන් වූ පවුල් 4,904 කට අයත් 16,892 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 120 ක රදවා සිටින බව ද කොඩිප්පිලි මහතා සදහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 49 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,017 කට අර්ධ හානි සිදුව ඇතැයිද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.
පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ඉදිරි අවදානම අවම කර ගැනීම සදහා විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන්
nimal Sunday, 22 December 2019 09:01 AM
දැන්නම් බයවෙන්න දෙයක් නැහැ.. හොඳ ආණ්ඩුවක් තියන නිසා.. හොඳ වන්දි, සහනධාර එහෙමත් ලැබෙයි නේද?
69 ලක්ෂයේ දේශප්‍රේමියෝ Tuesday, 24 December 2019 02:41 AM
පාලකයෝ නරක උනාම ස්වභාව ධර්මය කෘර වෙනවා කියන කතාව 2015 ජනවාරි 8 සිට 2019 ඔක්තෝම්බර් 16 දක්වා පමණක් වලංගු බව කරුණාවෙන් සලකන්න.