(ඩයනා උදයංගනී)
අන්තර් පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පවත්වනවාද නැද්ද යන තීරණය ගැනීම එම පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පාසල් වසා දැමීම පිළිබඳව නිලවශයෙන් දැනුම්දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (12 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා එසේ පැවසීය.
කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන අප්‍රේල් මස 20 වැනිදා දක්වා වැසීමත් සමඟ මහ ක්‍රිකට් තරග පැවැත්වීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

COMMENTS
මොන ක්‍රිකට්ද මේ වෙලාවේ ? උගත් විදුහල්පතිවරු මේවා නවත්වන්න වෙනවා.
මොන ක්‍රිකට් තරඟද? ඒවා නවත්තන්න. පාසල් වේලාසනම වහපු එක හොඳයි.
කවුද රට පාලනය කරන්නේ ? පාසල්වල විදුහල්පතිවරුද ? නැත්නම් ආණ්ඩුවද ?
මේ උණ තියෙන්නේ අාදී ශිෂ්‍යයන්ට.
බෝලේ පාස් කරන්න එපා මහත්තයෝ... චීනයේ කළා වගේ කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගතයුතු වෙලාවක් මේක. මාධ්‍ය සංදර්ශනවලින්, සාකච්ඡාවලින් බොරු පුච්චානම් දෙසාබාමින් සුදුහුණු ගාන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට රෝග බීජ පැතිරීම වළක්වා ගන්නා හැටි මාධ්‍යවලින් කියාදිය යුතුයි...
ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් හා ඇමතිවරයෙක් මොකටද?