IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වන නිලධරයාගෙන් වන ඇමතිට අලි ගැන පාඩමක්

(අංජුල මහික වීරරත්න)

පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ "සුරංගි" ඇතින්නට උපන් නිවුන් පැටවුන් දෙදෙනා බලන්නට වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය.

"සුරංගි"ගේ පැටවුන් දෙදෙනා “සජ්ජන” සහ “දිසා”  ලෙස නම් තබා තිබේ.

අලුතින් පැටවකු උපන් විට ඌ අලි පැටවකු ද ඇත් පැටවකු දැයි කුඩා අවදියේම නිශ්චය කළ හැකි බව වනජීවී නිලධාරියෙක් එහිදී අමාත්‍යවරයාට පැවසීය.

අලියෙක් නම් කුඩා කාලයේ ම මව් ඇතින්නගේ පියවුර හිසෙන් තෙරපමින් කිරි උරන බවත් ඇත් පැටවකු නම් කිසි විටෙක මව් ඇතින්නගේ පියයුරු තෙරපමින් කිරි උරන්නේ නැති බවත් වනජීවී නිලධරයා පැහැදිලි කළේය. තමන්ගේ මුඛයේ ඇති දළ මව් ඇතින්නට ඇනේවි ⁣යැයි බිය නිසා එසේ කරන බවද වන ජීවී නිලධරයා පැවසීය.

"සුරංගි" ගේ පැටවුන් දෙදෙනා ඇත් පැටවුන් හෝ අලි පැටවුන් යැයි නිවැරදිව කීමට තවම පොඩි වැඩි යැයිද වන ජීවී නිලධරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවසීය.

කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ අඩුපාඩු පිළිබඳව  සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව "සුරංගි" සහ පැටවුන් බලන්නට එහි ගියේය.



අදහස් (3)

වන නිලධරයාගෙන් වන ඇමතිට අලි ගැන පාඩමක්

ගමේ එකාලා Wednesday, 28 September 2022 02:49 PM

සාමාන්‍ය දේවල් ගැන දැනුමක් නැති උනාට හොරකම් වන්චා දූෂණ බොරුව කපටි කෛරාටිකකම් අතින් නම් සුපිරි මොළයක් තියෙන්නේ ?

:       2       22

nima Wednesday, 28 September 2022 03:52 PM

අර ඇමැතිගේ පිටිපස්සෙන් කොළපාට ඇඳගෙන, අත දික්කරගෙන ඉන්න කෙනා බයේ වගේ ඇමැති වැටෙයි කියලා... පුදුම ආදරයක්...

:       2       9

APerera Wednesday, 28 September 2022 09:35 PM

ඇමතියො දන්න දේවල් වලට වඩා, නොදන්න දේවල් ඉතා, ඉතා, ඉතාමත් වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site