(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කනංකේ කුඩකේ මංසන්ධියේදී අද(07) බස් රථ දෙකක් ගැටීමෙන් වූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා ඉමදූව දිසා රෝහලට ඇතුළත් කළ බව කනංකේ පොලිසිය කියයි.
ගාල්ල සිට අකුරැස්ස බලා ගමන් ගත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අකුරැස්සේ සිට ගාල්ල බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස ගැටී අනතුර සිදුව ඇත.
අසාධ්‍ය තත්වයේ පසුවූ හත්දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යැවූ බව ඉමදුව දිසා රෝහල් ආරංචි මාර්ග පවසයි. එම පිරිස අතර පාසල් සිසුවෙකුද වන බව පැවසේ.
කනංකේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථ දෙක තිබෙන විදියෙන්ම සැක කරන්න පුළුවන් කාගේද වැරැද්ද කියල.