(ඩයනා උදයංගනී)
පෞද්ගලික බස්රථවලින් සියයට 90ක් ධාවනය කළ නොහැකිව මගීන් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක බස් ගාස්තු වැඩිවීම අසාධාරණ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
රට තුළ ඉන්ධන නොමැති අවස්ථාවක ඉන්ධන මිල වැඩිකළ ආණ්ඩුව බස් ධාවනය නොවන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කර ඇතැයි කී සභාපතිවරයා මෙවැනි ආණ්ඩුවකින් රටට පලක් නැතැයි ද සඳහන් කළේය.
වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ කොඩිව් වසංගතය පැවති සමයේ ආසන සංඛ්‍යාවට මගීන් ගෙනයාම සඳහා වැඩිකළ බස් ගාස්තුවත් සමඟ වැඩිවූ බස් ගාස්තුවක් බව කී විජේරත්න මහතා දැන් වහලයේ සහ බස් රථ පිටුපස එල්ලී යන මගියාත් ආසන ගාස්තුව ගෙවිය යුතුව ඇතැයි කීවේය.
බස් ගාස්තු වැඩිකිරීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවීමේ වරදක් නැතත් වැඩිවන ගාස්තුව ක්‍රියාත්මකවීම ඉන්ධන ලැබී බස්රථවලින් සියයට 75ක්වත් ධාවනය වීම ආරම්භ වන තුරු කල්දැමීම වඩාත් සුදුසු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
පවතින තත්වය දෙස බැලීමේදී ඇත්තේ දැඩි කලකිරීමක් බවත්, අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩිකළ විට බොහෝ මගීන් එම දුර පයින් යාමට පෙළඹීමෙන් බස් කර්මාන්තයට ගැටලු ඇතිවිය හැකි බවත් කී සභාපතිවරයා දැන් තමන්ට ද අරගල භූමියට යාමට සිතී ඇතැයි පැවසීය.
COMMENTS
පුදුමයි ඒත් ඇත්තයි...!
මේ මනුස්සයා කියන කතාව ඇත්ත. රුපියල් 40ක් ගෙවා බස්එකේ සාඩින් පැක්කළා මෙන් යනවට වැඩිය කෙටි දුර පාගමණින් යන එක ඇඟට ගුණයි.
මෙයා කොහෙන්ද කතාකරන්නේ? දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්වා නේද බස්ගාස්තු වැඩිකිරීමට අවශ්‍යයි කියලා. මෙයා ජීවත් වෙනවා කියන්නද මේ හදන්නේ... නැතිනම් කප්පම්ද?
දැනටමත් කිලෝමීටර 2 යන්නේ පයින්ම තමයි.
තෙල් නැති නිසා මමයි, නෝනයි පුතාල දෙන්නයි අවශ්‍යතාවයකට බස් එකේ 11km ගිහින් ආපස්සට ආවා. ගමන් දෙකටම අපි හතර දෙනාටම 640ක් ගියා. මට වැගන් ආර් එකක් තියෙන්නේ ඒකේ ගියානම් තෙල් ලිටර 1 යි යන්නේ. එහෙනම් මට රුපියල් 450යි යන්නේ. කට්ට කාලා බස් එකේ ගිහිල්ලත් මට 190ක් පාඩුයි. මේ අයගේ බස් ගාස්තු නම් පුදුම අසාධාරණයි. දැන් ආයෙත් වැඩි කරන්න හදනවා.
මේ කාලකණ්ණි ආණ්ඩුව සහ නන්දසේන රටට කළ විනාශය...!
මේ විදිහට බස්ගාස්තු වැඩිකිරීම නීති විරෝධියි. කොරෝනා කාලේ සීට් එකට එක මගියා ගානේ යන හේතුව මත බස් ගාස්තු වැඩි කළා. මුලින්ම ඒ වැඩිකළ නීති විරෝධී ගාස්තුව අඩුකර ඉන්පසු සාමාන්‍ය ගාස්තු සංශෝධනයක් කළ යුතුයි. අද බස් එකේ යන අයටත් මේවා අමතකයි. වැඩිකළ ඇමතියත් නෑ.. වංචාව විතරක් අපූරුවට කරගෙන යනවා... වැඩිකරන තරමට ගෙවන බත්කන හරක් ඉන්න රටක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
මෙයා දැන් කොහෙන්ද කතා කරන්නේ?