(රංජිත් රාජපක්ෂ)
බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අද(22) ප්‍රධාන මාර්ගය හරහා පෙරැළීම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කෝවිල අසලදිය.
තලවකැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා බිබිල ප්‍රදේශයේ සිට ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත් ව ඇත.
අධික බෑවුම් සහිත එම මාර්ගයේ බස්රථය ධාවනය වන අවස්ථාවේ රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් ධාවනය වූ බවුසර් රථයක ගැටී අනතුර සිදු වී ඇති බව නානුඔය පොලිසිය කියාසිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස් රථයක් පෙරැළෙයි - 13 කට තුවාල