IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට

 

 

ඔස්ලෝහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව අද (5) නිවේදනය කළේය. 

කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඉරාකයේ ලිංගික වහල් වෙළෙඳාමට සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීම යන කරුණු මුල් කරගනිමින් ඩෙනිස් මුක්වේගේ සහ නාඩියා මුරාද් එලෙස නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතය. 

ඩෙනිස් මුක්වේගේ කොංගෝ ජනරජයේ නාරිවේදය පිළිබඳ විශේෂ වෛද්‍යවරයෙකි. නාඩියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානයේ ලිංගික වහල් සේවයට ගොදුරුව ඉන් දිවි ගලවාගත් තැනැත්තියකි. ඇය ඉරාකයේ යසීදි ප්‍රජාව නියෝජනය කරන්නියකි. 

“ලිංගික ප්‍රචණ්ඩත්වය යුද්ධයේ අවියක් කරගැනීම වැළැක්වීම වෙනුවෙන් සටන් වැදීම” යන පාඨය යටතේ ඔවුන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව සඳහන් කළේය. 

මුක්වේගේ කොංගෝ ජනරජයේ නැගෙනහිර පිහිටි නගරයක් වන බුකාවු පන්සි රෝහලේ සේවයේ යෙදෙමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි. 

ඔහු 1999 වසරේදී සායනයක් ආරම්භ කර ඇති අතර සෑම වසරකදීම මුක්වේගේ සායනයට කාන්තාවන් දහස් ගණනින් පැමිණ ඇත. ඔවුන්ගේ බොහෝ දෙනා ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවෝ වන අතර ඔවුන්ගෙන් ද බොහෝ දෙනා ශල්‍යකර්මවලට භාජනය කළ යුතව තිබී ඇත. 

මුරාද් ඉරාකයේ යසිදි සුළුතර ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටින්නියකි. ඇය සරණාගත සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කැප කළ අතර 2014 වසරේදී අයි.එස් ත්‍රස්තයන්ගේ ගොදුරක් බවට පත්විය. අයි.එස් ත්‍රස්තයන් මොසුල් නුවරදී ඇය අතවරයට ලක් කළ බව ද පැවසේ. 

සෑම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරේ. සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා එම ත්‍යාග මුදල පදක්කම පිරිනමයි. නොබෙල් ත්‍යාග ලබාදීම ආරම්භ කළ ඇල්ෆ්‍රඞ් නොබෙල්ගේ අභාවප්‍රාප්ත වූයේ 1896 දෙසැම්බර් 10 වැනිදාය. 

එම දිනය සිහිකරනු වස් සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී නොබෙල් ත්‍යාගලාභීන් කවුරුන් ද යන වග නිවේදනය කරන අතර පදක්කම් සහ ත්‍යාග මුදල් පිරිනැමෙන්නේ දෙසැම්බර් 10 වැනිදාය. නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම ආරම්භ කරන්නේ 1895 වසරේදීය. 

055

 

 

 



අදහස් (0)

සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27367 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 637 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 846 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site