(ඉන්දිකා රාමනායක)
වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතකු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මන්ත්‍රී පුතා පැදවූ මෝටර් රථය ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු රජ්‍ය අමාත්‍යවරයාගේ පුතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට පොලිස් අරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් නිසා ඉක්මණට ඇප දෙන්න බලාවි.
මුන්ට වාහන පදවන්න දීමත් වදුරන්ට දැලිපිහියක් දීමට සමානයි
පැන යන්න බැරිවෙන ලෙස මොවුට උපරිම දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටිනවා.
දයිවයේ සරදමක්ද...? මේ නොහික්මුණු පුතා නිසා, දැනට දවස් දෙක තුනකට පෙර සිංහ සෙයියාවෙන් සිටි තාත්තා *** ටයිප් එකට වැටිලා " ඔබතුමා හරි , වරාය නගරයේ ගිවිසුමත් හරි...
දැන් බලමු නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වෙන හැටි.
නිකන් විහිළු කරන්න එපා. නිදොස් කොට නිදහස් කියලා හෙට කියාවි ජයවේවා...