
(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පාඩු ලබන බැවින් භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා කම්කරු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්ම නිකුත් කරන ලද නිල අයවැය වාර්තාව අනුව පසුගිය වසර 5 ක කාලය තුළදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලබාගත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 5 ඉක්මවයි. එහි විගණනය කරන ලද ශුද්ධ ලාභය රුපියක් කෝටි 583 ක් හෙවත් රුපියල් බිලියන 5.83 කි.
පසුගිය වසර 5 ක කාලය තුළදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ලබාගත් ශුද්ධ ලාභයන් පහත පරිදි වේ.

මෙවන් තත්ත්වයක් තිබියදී ඇතැම් අංශ වසා දැමීමට තරම් පාඩු ලබන තත්ත්වයක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පත්ව නැතැයි කාර්යංශයේ වෘත්තිය සමිති පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුදය කළමනාකරණය මැයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් අගෝස්තු 18 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එමගින් යෝජනා කර තිබුණේ නැවත ගෙවන පදනම යටතේ භාණ්ඩාගාරයෙන් යම් ණය මුදලක් ලබා දෙන ලෙසයි.
කාර්යංශය සතු 2019 වසරේ අවසන් ගිණුම් ප්‍රකාශය අනුව ආයෝජන වටිනාකම හා ඊට අදාළ පොලී ආදායම වශයෙන් රුපියල් බිලියන 13 ක් ඇති අතර එහි පොලී ආදායම පමණක් වාර්ෂිකව රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් (රුපියල් 9,44,60,000 ක්) ලැබෙන බවත් ගිණුම් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම මුදල්වලින් රුපියල් බිලියන තුනක් කුවේට් අරමුදල් වේ.
කාර්යංශයේ වාර්ෂික වියදම සාමාන්‍ය වශයෙන් රුපියල් බිලියන තුනක් වන අතර, දැනට පවතින වත්කම්වලින් පමණක් කාර්යංශය පවත්වාගෙන ගියත් කඩාවැටීමකට ලක් නොවී එය වසර තුනක් පවත්වා ගෙන යන්නට හැකියාව ඇතැයි කාර්යංශයේ වෘත්තිය සමිති පෙන්වා දෙයි. 2019 වසරේ කාර්යංශයේ ආදායම රුපියල් බිලියන 4ක් (රුපියල් 4,218,930,751 ක්) ඉක්මවූ අතර එයින් කෝටි 99 ක්ම මූල්‍යමය ආදායම් වන බවද එම වාර්තාවල සඳහන් වේ. එහෙත් එම වර්ෂයේ සමස්ත වියදම ලෙස අදාළ වාර්තාවන්හි සඳහන්ව ඇත්තේ රුපියල් බිලියන තුනකි(රුපියල් 3,169,280,431)
එමෙන්ම කෝවිඩ්-19 නිසා අඩපණ වී ගියත් කාර්යංශය මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 70 කට ආසන්න මුදලක් උපයා තිබේ. එයින් කෝටි 21ක් උපයා ඇත්තේ විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යන කාර්යංශයේ අංශ මගිනි.
එවන් තත්ත්වයක් තිබියදීත් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම අංශ වසාදැමීමට පවා යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය 2019 වසරේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 2.6 ක් ගෙවා ඇති අතර මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ද රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් භාණ්ඩාගාරයට ගෙවා තිබේ. මෙවැනි පසුබිමක් පවතිද්දී කළ යුතුව ඇත්තේ වඩාත් උනන්දු වී කාර්යංශයේ කටයුතු වර්ධනය කිරීම මිස සේවකයින් නිවාඩු යැවීමට උත්සාහ කිරීම හෝ වසා දැමීම නොවන බවත් විදේශීය කාර්යාල ශක්තිමත් කරමින් විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය තහවුරු කළයුතුව පවතිද්දී මෙසේ වසා දැමීමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බවත් වෘත්තීය සමිති පෙන්වා දෙති.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ වසර 30 කට වැඩි කාලයක් රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම ප්‍රතිපාදන ලබා දුන් ආයතනයක් බැවින් කෝවිඩ්19 කාලයේ දී මුහුණ දුන් අභියෝග හේතුවෙන් මෙසේ කාර්යංශයේ වියදම් සඳහා මුදල් ඉල්ලා සිටි බවය.
එය ණයක් ලෙස ලබාගෙන ආපසු ගෙවා දැමීමට ද ඉහළ කළමනාකරණය තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ඕක වහලාම දැම්මා නම් විදෙස් ගත අපිට ලොකු සහනයක්. ඊ මේල් එකක් දාලා දැන් මාස 4ක්... තාම උත්තරක් නෑ. ඕකේ වැඩකරන මිනිස්සු ලබන ආත්මේ සත්තු වෙලා ඉපදෙයි..
ශුවර් එකටම ගාණක් කපාගන්න වෙන්න ඇති...
එයාර් පොර්ට් එකෙන් යද්දී කප්පං ගන්නවා වගේ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ... ඒ සල්ලි වලින් කරන්නේ දේශපාලනයෙන් ඇතුලට රිංගලා ඉන්න අතිරික්ත සේවකයින් කියාගන්න පිං පඩි කාරයින්ට පඩි ගෙවන එක නේද?
එයාර් පෝර්ට් එකෙන් යද්දී කප්පං ගන්නවා වගේ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ. ඒ සල්ලි වලින් කරන්නේ දේශපාලනයෙන් ඇතුලට රිංගලා ඉන්න අතිරික්ත සේවකයින් කියාගන්න පිං පඩි කාරයින්ට පඩි ගෙවන එක නේද?
විදේශ රැකියාවකට එන්න කලින් ශ්‍රමිකයන් විසින් මෙඩිකල් ගාස්තු 25000 ඇඟිලි සලකුණු කරන්න 5000 රක්ෂණ ගාස්තු 11500 විදේශ ඒජන්සිය 125000 මෙහෙම ජනතාව බින්දුවටම හූරගෙන කාලයි ලාභ ලබන්නේ..
එයාර් පෝර්ට් එකෙන් යද්දී කප්පම් ගන්නවා වගේ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ. ඒ සල්ලි වලින් කරන්නේ දේශපාලනයෙන් ඇතුළට රිංගලා ඉන්න අතිරික්ත සේවකයින් කියාගන්න පිං පඩි කාරයින්ට පඩි ගෙවන එක නේද?
විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරාගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුව වරට විදෙස් ගතවන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්. මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙංචයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ... අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදු ගෙවා එකතු වූ මුදල්. ඒවා අවභාවිතා කරන අය එනතුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...
මේ ඇමැතිව උස්සලා පොළවේ ගහන්න එපෑයැ.
රාජ්‍ය ආයතනයක් ලාභලබපුවාම ඒ මුදල් ඒ ආයතනයේ ගිණුම්වලම තියිගන්නේ නැහැ. එව්වා වසර අවසානයේ රජයේ ලභාංශ විදිහට භාණිඩාගාරයට බැරවෙනවා. නමුත් ඒ ආයතනය මේ වසරේ පාඩු ලැබූ බව ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඉතින් මේ වසර වෙනුවෙන් ණය මුදලක් ඉල්ලිමේ ඇති වරද කුමක්ද? හරිනම් ණයක් නොවේ රජයෙන් මුදල් යොදා එම ආයතනය ආරක්ෂා කරගන්නයි තියෙන්නේ.
මේ මුදල් අතරමංවෙලා ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙනත් හෝටල්වල නිරෝධායනය කරන්න හොඳටම ඇති. රට රකිනවා කියලා කියන විරුවා මේවා දන්නේ නැද්ද? එහෙම නැතිනම් 20 පිස්සුව ඔලුවට ගහපු නිසා මොලේ කචල් වෙලාද?
ලාබය ඔයිට වැඩි වෙන්න ඕනෑ.. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විදෙස් ගතවෙලා ඉන්න ශ්‍රමිකයින්ට කරන දෙයක් නෑ. ගුවන් තොටුපලෙන් පිට වෙනකොට ලියාපදිංචි වෙලාද කියලා නං හරියට බලනවා.
දැනටමත් කෝටි 583ට වැඩේ දීලද දන්නේ නැහැ.
විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුවරට විදෙස්ගත වන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්. මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙන්චයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ. අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදු ගෙවා එකතු වූ මුදල්. ඒවා අවභාවිතා කරන අය එනතුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...
මම වසර 10කට වඩා පිටරට වැඩකළා. මෙය විදේශීය ශ්‍රමිකයෙකුට උදව් කරන්න ගොඩක්ම නරක රාජ්‍ය සංවිධානයක්... ඒක අවසාන කළ යුතුයි.
විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුවරට විදෙස් ගත වන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්. මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙංචයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ. අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදුගෙවා එකතු වූ මුදල්... ඒවා අවභාවිතා කරන අය එනතුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...
විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරාගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුව වරට විදෙස් ගත වන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්... මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙංචයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ. අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩකටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදු ගෙවා එකතු වූ මුදල්. ඒවා අවභාවිතා කරන අය එන තුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...
ආ... ඔන්න රට දිනවන මහජන සේවකයෝ.. අපිට නම් හරිම සතුටුයි මේවා අහද්දී... මොන තරම් ආඩම්බරයක්ද අප්පා...? මේ ආයතනයෙන් හරිහමන් සේවයක් සලසන තැනට කාර්යක්ෂම කරනවා මිසක් බොරු කියලා ණය ගන්නේ ඇයි..?
කොරෝනාවෙන් අගතියට අත්වුණ විදේශ ශ්‍රමිකයන්ට දැන් නියම විදියට වන්දි දෙයි.
මම දැනට අවුරුදු 15ක් වෙනවා විදේශයක සේවයට ඇවිත්. මේ අවුරුදු 15 මම සල්ලි ගෙවලා තියනවා විදේශ සේවා එකට ඒ ඒ අදාළ දේවලට. නමුත් මම දැන් මේ වසංගත තත්වයත් එක්ක ලංකාවට එන්න විදියක් නෑ. මම වගේම තවත් මේ මැද පෙරදිග රටවල හිරවෙලා ඉන්නවා. රස්සා නැතිවුණු මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුණා. අඩුම ගානේ මුකුත්ම කරගන්න බැරි අය වෙනුවෙන් හරියාකාර ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඔය හුඟාක් ලංකාවට එන අය මුදල් ගෙවලා ගුවන්යානා වෙන්කරවාගෙන එන්නේ... ඒකත් ගුවන් සමාගම් හරහා. සමහරු ඔවුන්ට රැකියා නොමැතිවීමත් එක්ක ඔවුන්ගේ වීසා අවසන්ව රැඳීසිටීමේ කාලයත් ඉක්ම ගොස්. ඒ සඳහා මේ රජයන්ට වෙනමම දඩ මුදල් ගෙවන්න වෙනවා. පොඩි ගණනුත් නොවෙයි. මේ දේවල් ගැන බලධාරින් කිසි පියවරක් අරන් තියනවද කියන්නවත් මම දන්නේ නෑ. ඇත්තටම මේ විදේශ සේවා එක ගැන ඇතිවෙන්නේ කලකිරීමක්. විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් නොවෙයි නම් මේකෙන් ඇති වැඩේ මොකක්ද? විශේෂයෙන් මැදපෙරදිග රටවලට එන අය දුක් විඳලයි සල්ලි හම්බ කරන්නේ...
ආහ්... ඔන්න රට දිනවන මහජන සේවකයෝ... අපිට නම් හරිම සතුටුයි මේවා අහද්දී. මොනතරම් ආඩම්බරයක්ද? මේ ආයතනයෙන් හරි හමන් සේවයක් සලසන තැනට කාර්යක්ෂම කරන්න මිසක් බොරු කියලා ණය ගන්නේ ඇයි? මේ අතේ පත්තු වෙච්ච කතාව වහගන්න නිමල් ඇමැතිතුමා ඊළඟට ගහන කෙප්පය කුමක් විය හැකිද?
සහතික ඇත්ත... ඊළඟ ජීවිතයේදී ණය ගෙවාවි. ඔය අය කරන මෙලෝ සේවයක් නැහැ.
නීත්‍යානුකූල කප්පම් හෙවත් රාජ්‍ය කප්පම...
ඔය ආයතනයේ රක්ෂණය අලුත් කරන්න ගියාම පාස්පෝර්ට් කොපියත් පිටින් අරගෙන එන්න කිව්වා. ගන්න සල්ලිවලට අඩුගානේ ෆොටෝකොපියක් වත් මම දැන් අවුරුදු 10කට ප්‍රතිලාභයක් හැටියට අරන් නැහැ. ගාල්ලේ ශාඛාවේ, පාස්පෝර්ට් එක අරාබි පරිවර්තනය කරන ලෝයර් ඉන්නේ පරණ බදු අයිතිකාරයෙකුගේ මුඩුක්කුවකට තමයි ගියේ. එයාට 500ක් දුන්නා.
අතරමංවෙලා ඉන්න විදෙස් ශ්‍රමිකයින්ව ලංකාවට ගෙනත් හෝටල්වල සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය කර ඔවුන්ගේ ජීවිත බේරාගන්න මෙම මුදල් ප්‍රමාණවත්. ආණ්ඩුව සහ ඒකේ ලොක්කා නැහැ බැහැ කිය කියා ඉන්නවා මිසක් කරන කිසිම දෙයක් නැහැ. ගමේ හැදුණු වැඩුණු ඉංග්‍රීසි බැරි සිරිසේනගේ සහ අපේ සර්ගේ විශාල වෙනසක් පෙනෙන්නට නැහැ.
විදේශ ශ්‍රමිකයන් මුදල් මංකොල්ලකන ගුබ්බෑයමට හෙනම ගහන්න ඕනේ.
නීත්‍යානුකූල කප්පම් හෙවත් රාජ්‍ය කප්පම..