IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෝඨා ගෝ ගමට පහර දුන් අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?

(අංජුල මහික වීරරත්න)

ගෝඨා ගෝ ගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.

ගෝඨා ගෝ ගම අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට  පුළුල් වගකීමක් පවරා ඇති අතර ගෝඨා ගෝ ගමට පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස  රුවන් විජයවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

අරගලකරුවන්ට පහරදීමට පැමිණි හෝ පහර දුන් ප්‍රධාන පුද්ගලයන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් එදින ඇති වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු සැකකරුවන් ගණනාවක් නම් කරමින් කොටුව අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ද ගොනු කර තිබෙන බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

නිරායුධ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රසිද්ධ කාරණයක් බවත් එම සිද්ධියට  සම්බන්ධ ප්‍රහාරකයන් පැය කිහිපයක් ඇතුළත  අත්අඩංගුවට පත්වූ අතර එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලීසියේ කාර්යක්ෂම සේවය අගය කරන බව කියන විජයවර්ධන මහතා නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද සඳහන් කරයි.



අදහස් (0)

ගෝඨා ගෝ ගමට පහර දුන් අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site