(සුනිල් ධර්මබන්දු ද සිල්වා)
ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, තහනම් කඩු දෙකක් ද රැගෙන ත්‍රිරෝද රථ දෙකකින් යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වැලිගම කොක්මාදූව කඳවුර පවසයි.
කඹුරුගමුව කොටවිල මාර්ගයේ ත්‍රිරෝද රථ දෙක ධාවනය වෙමින් තිබියදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
සැකකරුවන් කිසියම් අපරාධයකට සූදානමින් යමින් සිටියේදැයි සැකකරන අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිසිය වෙත ඔවුන් බාරදී ඇත.
සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොටවිල පොලිසිය කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd