(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක නීති විරෝධි දුම්වැටි සඟවා ඇතැයි ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරුණු පිරිසක් හේතුවෙන් එම ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකුට අද (25) තුවාල සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.
තුවාල ලැබු නිලධාරීන් පානදුර රෝහලට ඇතුලත් කර ඇති බවත් සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයින් තිදෙනෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති. අත් අඩංගුවට ගත් සැකකරුවන් හෙට (26) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd